රියාජ්ගේ පෙත්සමේ අතුරු නියෝගය හෙට රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලනවාද ? නැත්ද ? යන වග අතුරු නියෝගය හෙට ( 21) ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය අද (20) තීන්දු කළේය. 20 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 60ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද(20) පස්වරු 2.32 වන විට තවත් ආසාදිතයන් 60දෙනෙකු එක් වී තිබේ. 20 October 2020
පන්නල ඇඟලුම්හළක අංශ 3 ක් වහයි පන්නල පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟම එම කර්මාන්ත ශාලාවේ අංශ 03 ක් අද (20) තාවකාලිකව වසා දමා ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 20 October 2020
වයඹ පොලිස් බල ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය වයඹ පළාතේ පොලිස් බල ප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 20 October 2020
කුරුඳු අස්සේ යකඩ ඇණ දැමූ නරුමයන්ට දඬුවම් නැද්ද? හන්දි කරන ලද කුරුඳු තුළ අඟල් පහක් දිග යකඩ ඇණ සඟවා බර වැඩිකර කුරුඳු අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනකු හක්මන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. අලෙවි කිරීමට රැගෙනවිත් තිබූ කුරුඳු තොගයේ නියමිත බර කිලෝග්‍රෑම් 14ක් වන බවත් කුරුඳුවල සඟවා තිබූ යකඩ ඇණවල බර කිලෝ හතරක් බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. කුරුඳු කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් දෙදහසක් වන බවත් රුපියල් අට දහසක මුදලක් වංචනිකව ගැනීමට සැකකරුවන් උත්සාහ දරා ඇති බව 20 October 2020
මධූෂ්ගේ අවසන් හෝරාව හොරොයින් සඟවා ඇති ස්ථානයක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබෙන්නේ එහි රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදූෂ් ගෙනි. ඒ ඊයේ (19) රාත්‍රීයේදීය. 20 October 2020
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලායාමට යොදා ගත් යතුරුපැදිය වැල්ලවත්තෙන් සොරා ගත් එකක් මාලිගාවත්ත ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය තුළ සිට පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලායාමට යොදා ගත් යතුරු පැදිය වැල්ලවත්ත ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 October 2020
පන්නල ඇලබඩගම කොටසක් හුදෙකලා කරයි පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 20 October 2020
නීති හදන තැනදීම නීති කඩනවා යයි සජිත් පාර්ලිමේන්තුවේදී කියයි රජය මගින් කොවිඩ් 19 වැළැක්වීමේ අරමුණින් ගැසට් කර ඇති සෞඛ්‍ය නීති රීති රටටම අදාළ වුවද පාර්ලිමේන්තුවට අදාළ නැත්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයාගෙන් විමසීමක් කළේය. 20 October 2020
ලක්ෂ 10 ක මත්කුඩු මීගොඩින් අල්ලයි විදෙස් රටකට පලා ගොස් සිටින ප්‍රබල පාතාලා කල්ලි නායකයෙකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ සමීපමතමයෙකු වන “ආදුරුප්පුවීදියේ අශේන්” නමැත්තා හෙරොයින් මත්කුඩු සමග අද (20) දින පාදුක්ක ජයමුතුගම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 20 October 2020
ලක්ෂ 12 ක මත්කුඩු ගල්කිස්සෙන් ගල්කිස්ස සයුරු පුර මහල් නිවාස සංකීර්ණය අසළ දී රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 20 October 2020
කෝප් - කෝපා කමිටු රැස්වීම් අවලංගු කරයි පාර්ලිමේන්තුව අද(20) පෙරවරු 10ට රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු සතියේ දින 4ම පැවැත්වීමට නියමිතව තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා යන කමිටු පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත නොපැවැත්වීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි. 20 October 2020
මාකඳුරේ මධූෂ් වෙඩි වැදී මරුට පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20) මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 October 2020
වේල්සය සති දෙකකට අගුලු දමයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සිකුරාදා (23) සිට සති දෙකක කාලයක් සඳහා වේල්ස් අගුලු දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. 19 October 2020
විස්සට තවත් සංශෝධන තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා තවත් සංශෝධන 3ක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 19 October 2020
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට වැඩිපුර පැය 10 ක් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට වැඩිපුර පැය 10 ක් වෙන් කිරීමට ආණ්ඩුව එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (19) පැවැසීය. 19 October 2020
කොරෝනා වයිරසයට සම මත පැය 9ක් රැඳෙන්න පුළුවන් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසයට මිනිස් සම මත පැය 9කට ආසන්න කාලයක් රැඳී සිටිය හැකි බව අනාවරණය කරගැනීමට ජපාන පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. 19 October 2020
’සහරාන්ගේ ප්‍රහාරය ගැන 15000ක් විතර දැනගෙන හිටියා’ “සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර මගේ ගණන් බැලීම අනුව 2019 අප්‍රේල් එකොළොස්වැනිදා වන විටත් 15,000ක පමණ පිරිසක් දැන ගෙන සිටියා” යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (19) පැවසීය. 19 October 2020
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 224 ට නගී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින්ද, තවත් දෙදෙනෙකු මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින්ද සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 19 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයන් 40 ක් මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (19) පස්වරුවේදී (6.55 වන විට) තවත් ආසාදිතයින් 40 දෙනෙකු එක් වී තිබේ. 19 October 2020
කුලියාපිටියේ දේවමෙහෙයට සහභාගී වූ තවත් 14 කට කොරෝනා සංචරන සීමා පවා පනවා තිබියදී කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ඊට සහභාගී වූ තවත් 14 කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 19 October 2020
කොරෝනා ඌරගස්මංහන්දියේ කොටසක් වසාදමයි කොරෝනා රෝගියෙකු බවට පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වූ අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉකුත් 14 (බදාදා) දින ඌරගස්මංහන්දිය නගරයට පැමිණ තිබූ බව හෙළි වීමත් සමග ඔහු පැමිණි බව කියන ව්‍යාපාරික ස්ථාන ඇතුළු ස්ථාන 5ක් වසාදැමූ බව සෞඛ්‍ය අංශ පවසයි. 19 October 2020
ඇඳිරි නීති පෙදෙස්වල වෙළඳසැල්-ඔසුසැල් හෙට විවෘතයි දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට(20) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 19 October 2020
බදියුදීන් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය. 19 October 2020
දෙයියන්දරිනුත් කොරෝනා ආසාදිතයෙක් දෙයියන්දර නෙරලම්පිටියේ පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණයක දී අද (19) තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි. 19 October 2020
බදියුදීන් අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධීකරණයට රැගෙන ආවේය. 19 October 2020
රිෂාඩ්ට සැඟවෙන්න උදව් කළ වෛද්‍යවරියක් ඇතුළු 7 ක් දැලේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඟවාගෙන සිටීම, නවාතැන් දීම, ප්‍රවාහනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 19 October 2020
ආසාදිත සිසුවියක් හමුවීමෙන් 160 ක් විශේෂ විභාග ශාලාවකට ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලක කොවිඩ් - 19 ආසාදිත සිසුවියක් හමුවීමෙන් එම විදුහලේ විභාග ශාලාවේ සිටි සිසුවියන් 160 දෙනෙකු වෙනුවෙන් විශේෂ ශාලාවක අද (19) සිට විභාගයට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් පියවර තිබේ. 19 October 2020
දැව සංස්ථාවේ හිටපු සභාපති ගොනු කළ පෙත්සම සළකා බැලීමට දිනයක් අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02ක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණයේ ලබා දුන් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලමින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් 26 වැනිදා සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීරණය කළේය. 19 October 2020
ඩල්ජිත් අලුවිහාරේ නඩුව ඉල්ලා අස්කර ගනී මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා (එජප)පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 40 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් එම නඩුව නිශ්ප්‍රභා කිරීමට මාතලේ මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (19) නියෝග කළේය . 19 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026