(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමන්ති රණසිංහ)
පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20) මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඒ සමඟ, ගිනි අවි 2ක් සහ හෙරොයින් මත් කුඩු කිලෝ 22ක් ද සගවා තිබී හමුවූ බව පොලිසිය කියයි.
තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකට මැදිව මධුෂ් මරුමුවට පත්වී ඇති බවද පොලිසිය කියයි.
මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාසයේ හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සඟවා ඇතැයි ලැබූ තොරතුරකට අනුව, කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 16දෙනෙකු එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී, අලුයම 3.08ට පමණ මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය කියයි.
මෙම අවස්ථාවේදී, අත් බෝම්බයක් පිපිරී සහ වෙඩි ප්‍රහාර දෙකක් නිකුත් වී ඇති අතර ඒ හේතුවෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.






( ඡායාරූප-ළහිරු හර්ෂණ )
COMMENTS
සතුටුදායක පුවතක්. ලංකාවේ ආරක්ෂක අංශ සමග සෙල්ලම් කිරීමට සිතාසිටින අයට මේක පාඩමක්...
ලොකු ලොකු අය ගැලවුනා එහෙනම්...
පුරුදු විදියටම වුණා එහෙනම්...
රට අල්ලන්න හදපු අන්තවාදීන් නිදොස් කර නිදහස් කරනවා. රට හෙමිහිට ආක්‍රමණය කරන අන්තවාදීන් සුපිරියට වැජඹෙනවා. ඔවුන්ව ළඟින් තියන් සුරතල් කරනවා. උන් බේරෙන්නේ උන්ගේ සල්ලි නිසාද? බිරියානි නිසාද?
අවි ගත්තෝ අවියෙන්ම නසිති. එසේම "කුඩ්ඩෝ කූඩ්ඩන් අතින්ම නසිති, පාතාලයෝ පාතාලයන් අතින්මද, මැරයෝ මැරයන් අතින්ද නසිති " යනුවෙන් පිරුළු එකතුකළ හැකිය. ඒ කෙසේ වෙතත්, මේ පාතාල කුඩු රාජා මෙලොවින් තුරන් වීම රට, ජාතිය ලැබූ වාසනාවකි. එය එසේ වුවත්, මාකඳුරේ මදුෂ් පෙරදී තමන්ගේ පාඩුවේ යහපත් ලෙස දියුණුවීම ට වෙර දැරූ අහිංසකයෙකි. ඒ තරුණයාට අනෙකුත් ව්‍යාපාරිකයන් හිරිහැර කිරීමෙන්ද, එක්තරා දේශපාලකයෙකු මරණීය තර්ජන එල්ල කිරීමෙන්ද නොමඟ ගිය ඔහු එම දේශපාලකයා මරා දැමීමෙන් පසුව ඔහු පාතාල ලෝකයට එකතු විය. කුඩා කල තම මව තමා ඉදිරියේදීම හමුදාවෙන් වෙඩි තබා ඝාතනය කිරීමෙන් ඒ කුඩා දරුවාගේ මනස විකෘති වී සිටියාද විය හැකිය. ඒ කුරීරු ඝාතනය කළ හමුදාවේ අදාළ අයද, ඊනියා දේශප්‍රේමයක් මවමින් රට වැනසු ඊනියා දේශප්‍රේමීන්ද මේ නොමග ගිය මදූෂ්ගේ දිවියට වගකිව යුතුය. අප රටේ අහිංසකයන් තලා පෙලා කටයුතු නොකිරීමට සියලු දෙනා සිතට ගත යුතුයි. එවිට මාකඳුරේ මදුෂ් වැන්නන් බිහි නොවනු ඇත.
අවි ගත්තෝ අවියෙන්ම නසී. මාගේ මාතෘභූමියට ජයවේවා..!!!
සිදුවිය යුතු දේවල් ඒ ආකාරයටම සිදුවීම ගැන සන්තෝසයි..
මේ නිව්ස් එක නිකං ග්‍රීක් වගේ. මම හිතන් හිටියේ ලංකාවේ ප්‍රබල පාතාල නායකයෙක් වන මදූෂ් හිටියේ හිරේ කියලා. අනික පොලිසිය වැටලීමට ගියාම වෙන කල්ලියකගෙන් වෙඩි වැදුණා කියලනේ කියන්නේ. මට මේක තේරෙන්නේ නෑ..
වැලිකඩ?
මෙකට ලියපු ස්ක්‍රිප්ට් එකට මිනිස්සු ගොඩක් කැමතියි.
මරණය ගැන කණගාටුයි! අනෙක් අයත් මෙහෙම කුඩු හරි ආයුධ හරි පෙන්නන්න එක්ක යන එක රටේ අනාගතයට හරිම හොඳයි!
සාමකාමී සමාජයේ පැවැත්ම වෙනුවෙන් තම සේවය "නිසිලෙස ඉටුකල සහ ඉටු කරන" නිලධාරීන්ට යහපතක්ම වේවා!!! තුවාල ලැබූ සියලුම නිලධාරීන්ට ඉක්මන් සුවය ලැබේවා...!!!
69 ලක්ෂයේ පැතුම් මල්ඵල ගන්වමින් පවතියි. රෙස්පෙක්‍ට් සර්. තව අය මැරෙන්න නියමිතයි. ලොක්කන්ගේ නම් ගම් එළියට එන විට...
කලු දේශපාලකයින්ගේ කලුපැල්ලම්වල ප්‍රබල සාක්ෂියක් අවසන්... අවනීතියක ආරම්භය වියහැකියි.
මධූෂ්ගේ මරණය සමග, ඔහු සමග ගනුදෙණු කළ සුපිරිසිදු, දැවැන්තයින්ගේ සහ අනිකුත් සියලු තොරතුරුද මරණයට පත්වෙනු ඇත...
ලොකු දෙයක්...
දැන් වෙඩි තිබ්බේ පොලිසිය නෙමෙයි නම් වෙඩි තියපු අය කෝ? ඔවුන් අල්ලන්නේ නැතිද? ඔවුන්ව නොසලකා හරිනවද? අහිංසක අපි මොනවද දන්නේ..?
හැබැයි අපිට බදියුදීන් අමතක වෙන්නෙත් නෑ. විස්ස අමතක වෙන්නෙත් නෑ.
රටේ ලොක්කන්ගේ රහස් ටික සඟවා දමන්නට මදූෂ්ට වෙඩිතබා මරදැමුවාද විය හැකියි. රටක් විදියට මරණ දඬුවම ක්‍රියාත්මක කළාට කමක් නෑ. ඒ වුණාට කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න හොඳ නෑ.
ආපු පාතාල උදව්කාරයින්ට තුවාල නැද්ද?
මාරයි. එකම විදිහට...
සමාජය විසින් නිර්මාණය කරන ලද අපරාධකරුවන් සමාජය විසින්ම විනාශ කරනවා. මේ හුඟදෙනෙක් අපරාධකාරයින් වෙලා තියෙන්නේ එයාලාගේම වැරැද්දෙන් නෙවෙයි. මේ ගොඩක් අය තමන්ට හෝ තමන්ගේ කෙනෙක්ට සිද්ධවුණු අසාධාරණයක් වෙනුවෙන් සටන්කරන්න ගිහින් මේ තත්වෙට වැටුණු අය... මෙයාලා නැති කිරීමෙන් පසු, එතැනින් ඒ ප්‍රශ්නය අවසන් ලෙස කටයුතු නොකර, ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ (විශේෂයෙන් දරුවන්/ බිරිඳ) සුබසාධනය උදෙසා යමක් කිරීම මෙය ඊළඟ පරම්පරාවකට යෑම වැළැක්වීමට ඉතාමත් වැදගත්...
අනේ හොඳයි... පාතාලේ ඔක්කොම හංගපු ආයුධයි, කුඩුයි පෙන්නන්න එක්කගෙන යමු.
20 ගැන රටේ අවධානය වෙනතකට යවන්න ආණ්ඩුව පුදුම ගේම් ටිකක් දෙන්නේ. ගව ඝාතන තහනම, කොරෝනා දෙවෙනි රැල්ල, බදියුදීන් නාඩගම, දැන් මාකඳුරේ මධුෂ් මරා දැමීම. මේවට අහුවෙන්න එපා. හැබැයි 20 ගැන ඡන්දය ළඟ එන හින්දා මේක අනතුරු ඇඟවීමක් වගේ වෙන්නත් පුළුවන්. ඒ මොනවා වුණත් සිංහලයන් තමන්ගේ ජීවිත වලට වඩා ආදරය කරන රටට මහා අනර්ථයක් සිද්ධ කරන්න ගේන 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න දෙන්න එපා. දරුණු කුමන්ත්‍රණයක් තියෙන්නේ 20 පිටිපස්සේ. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩදීම සහ ජනාධිපතිවරණයටත් ඉඩදීම සහ ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය ඉවත්කරලා ඒකීය රාජ්‍යයක් සඳහා දිය යුතු අනිවාර්ය දිව්රුම ඉවත් කිරීම පිටිපස්සේ තියෙන්නේ අනාගතේ ද්විත්ව පුරවැසියන් විදේශීය ඔත්තුකරුවන් ලෙස පාර්ලිමේන්තුවට රිංගවීම සහ ඒ හරහා විදේශ රටවල් අපේ පාර්ලිමේන්තුව පාලනය කිරීම. මේ මහා පාවාදීමට රාජපක්ෂ මහත්වරුන්ට පරම්පරාවටම හරියන්න ඩොලර් බිලියන ගාණක් ලැබෙයි. හැබැයි මේ රට ඔවුන්ගේ පරවේණි බූදලයක් නෙමෙයි. මාකඳුරේ මදුෂ් මැරුවේ 20ට එරෙහිව කතා කරන මැති ඇමති, මහා සංඝරත්නය සහ ජනතාවට සංඥාවක් දෙන්න වෙන්නැති. පාලකයින් ආයුධ අතට ගන්නේ බයට...
හෙණ ගහන අපරාධ මේවා..
මේ පින්තූරේ ඉන්න මාකඳුරේ මධුෂ් සහ ලංකාවට අල්ලන් ආපු මාකඳුරේ මධුෂ්ගේ හැඩරුව දෙකක්... ආවේ ගමන් බලපත්‍රයේ තියෙන පින්තූරේ තියෙන මූණ තියෙන කෙනෙක් මිසක් ඩුබායි වලදී අල්ලා ගත්ත පින්තූරවල හිටපු මධුෂ් නෙමෙයි. ආවේ හරියටම පාස්කු ප්‍රහාරයෙන් රටම කම්පා වෙලා ඉන්නකොට. ඒ හින්දා මිනිස්සු මේ වෙනස ගැන වැඩි අවධානයක් කළේ නැහැ. ඒ ගැන අපි ඒ දවස්වලම ලිව්වා. ඒ හින්දා මාකඳුරේ මධුෂ් ඇත්තටම මැරුවද නැත්ද කියන එක කිසිම වැදගත් කමක් තියෙන දෙයක් නෙමෙයි.
ලබන ජනාධිපතිවරනේ ළංවෙනකන් කීප දෙනෙක් ඉතුරු කරගන්න වෙයි හැබැයි...
මෙය ඉතාමත් අමානුෂික ඝාතනයක්. පොලිසිය අත්අඩංගුවේ සිටින සැකකරුයි ඝාතනය වූයේ. ඕනෑම කෙනෙකුට නීතිය අනුව දඬුවම ක්‍රියාත්මක විය යුතුයි.
මේවාට කොහෙන් හිනාවෙන්නද?
ඇප දීලා එළියට යැව්වේ මිනිහව යවන්න බලාගෙන තමයි. මත්කුඩුවලට සම්බන්ධ ඉහළම ලොක්කන්ගේ නම්ටික එළියට එන්න කළින්ම ජවනිකාවක් දාලා යැව්වා. දැන් ලොක්කො සනීපෙන් ඉන්නවා ඇති. ඔහොම තමයි පොඩි ලැසී ගොයියාටත් වෙන්නේ.
පොලිසිය හැමදාම සැකකරුවෙක් එළියට අරගෙන ගියොත් වැඩේ අනාගන්නවානේ. කෝ සැකකරුට ආරක්ෂාව...? අපි කවුරුත් ගරු කරන්න ඕනෑ. ඕනෑම සැක කරුවෙක් රටේ අධිකරණයට ඉදිරිපත් කරලා ඔහුට නීතිය හැටියට දඬුවම් ලබාදීම.., මෙය අපේ රටට හොඳ මදි.. අපි හොඳ, වැදගත් රටක් කියලා ලෝකයා දන්නවා. ඒක නැතිවෙනවනේ මේ වගේ වැඩවලින්..
ගොඩක් හොඳයි...!!!
මධූෂ් ළඟ තිබුණු කෝටි ගණන් සල්ලි වලට මොකද වුණේ? කේ.පී. ගේ දඬුවම් මුදලාලිලාගේ සල්ලිවලට වෙච්චි දේමද? අන්තිමේදී ජය ගන්නේ බලවත්ම අපරාධ කාරයා..
මදූෂ් හිරේ ගිහිල්ලා දැනට අවුරුදු 2ක් විතර වෙනවා. එතකොට කොහොමද තවත් පාතාල කල්ලියක් මරදානෙදි මදූෂ් මැරුවේ?
සිරිලක නඩුකාරයින් ඇඳුම් ගලවා දමයි.
මේ වෙලාවේ මෙයාව එළියට ගේන බව දන්නේ කෙසේද?
මේ මනුස්සයා නිසා කීදෙනෙක් අඬන්න ඇද්ද? කී දෙනෙක් බයේ ඉන්න ඇද්ද?
මධුෂ් කියන චරිතයට තරම් ශ්‍රී ලංකා පොලිසිය බියවූ තවත් කෙනෙක් නැති තරම්.... ඩුබායිවල සැඟවී සිටි කාලයේ ඔහු ඒ රටේ සිට අපේ රටේ පොලිස් නිලධාරින්ට මරණීය තර්ජනය කළා. ඕනෑම මත්ද්‍රව්‍ය ජාලයක කොහේ හෝ කෙළවරක අන්ත දූෂිත නමුත් සාධු චරිතයක් රඟදක්වන දේශපාලුවෙක් ඉන්නවමයි. ලෝකයේ හැමතැනම එහෙමයි. අන්තිමට සියලුම කෙරුම් කාරකම් හමාර වී මේ පුද්ගලයා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළා. ශ්‍රී ලංකා පොලිසිය බාරයට පත්වුණා. කාලය කෙමෙන් කෙමෙන් ඉතිහාසයේ පිටු පෙරලමින් ඉදිරියටම ගියා. අන්තිමට මධුෂ්ට සිදුවුණා "පාවාදෙන්නන්ගේ" තත්වයට පත්වන්නට. කුඩු ජාවාරම් කාරයින්ගේ කුඩු ස්ටොක්ස් පොලිසියට අල්ලලා දෙන්න ඔහු යොමුවුණා. හෝ යොමුකළා. මේ අතර තමන් මහා විනාශයකට පත්වන්නට යන බව කුඩු ජාවාරම හා සම්බන්ධ දේශපාලුවන් දැනගත්තා. "දැන් ඇති.... අදම වැඩේ ඉවර කරමු. පහුවන හැම තත්පරයක්ම අපේ අවාසනාව ලංකරනවා." කට්ටියම එකතුවෙලා ලස්සනට ප්ලෑන් ගැහුවා." පාතාල නායක මධුෂ් වෙඩි පහරකින් මරුට. " ජනමාධ්‍ය වලට හෝ ගාලා වැඩ. 20 අමතක කරලා මිනිස්සු මධුෂ් ගැන කතාව. එතකොට හෙට...? තක්කඩි දේශපාලුවන් දැනටමත් අලුත් මධුෂ් කෙනෙක්ව හදලා ඇති.
මේක තමයි සංසාරේ හැටි... මේ වගේ මැරුම් කන්න තිබුණා උතුම් මනුස්ස ආත්මයක් ලබාගෙන පින්බිමක ඉපදිලත් අනේ කුඩුවලින් ඉහළ ගිය දුර ධර්මයෙන් ගියා නම් මොනතරම් ජීවිතේට සාධාරණයක් කර ගත්තා වෙනවද? හිර ගෙවල්වල මොනතරම් ධර්මය දේශනා කරනවද? මොවුන් ඒ වෙලාවටත් තව කෙනෙක් මරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා ඇති. අම්මා මැරිලා තියෙන්නේ වෙඩි වැදිලා. මල්ලි මැරිලා තියෙන්නේ වෙඩි වැදිලා. මේ පව්ලම සසරේ මේ වගේ අකාලේ මැරී මැරී යන ගමනක් වෙන්න ඇති තියෙන්නේ. ද්වේශය වයිරය නිසාම. අම්මාගේ මල්ලිගේ මරණ දෙක අාදර්ශයට අරන්, හරි පාර තෝරාගන්න බැරි වුනේ කරුමයකට තමයි. ලක්ෂගණන් තරුණ ජීවිත උමතු කරවලා මිනීමැරුම් කරලා ගොඩ ගහගත්ත පව් කන්දරාව ගොනා පසුපස එන කරත්ත රෝදේ වගේ මතු උපදින සසරේ උමතු වෙලා උපදින්නත් අකාලේ මැරෙන්නත් හේතුවෙයි. කල්ප ගණන්... කණගාටුයි දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයට සාධාරණයක් නොකරගත්ත එකට... වෙන මොනවා කියන්නද?
අන්තර් ජාලයෙන් උපුටා ගැනීමක්.. "දේශබන්දු සමරසිංහ මහතා පවසන ආකාරයට මෙම මෙහෙයුම කිසිඳු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමටත් අසමත් වෙමින්, තමන් සන්තකයේ සිටි ඉතාමත්ම වැදගත් සාක්ෂිකරුවකුද අහිමි කරගත් අන්තිම අසාර්ථක මෙහෙයුමක් බව පෙනේ. මාකඳුරේ මධූෂ් තමන්ට තිබුණු දේශපාලන සබඳතා මෙන්ම ඉහළ මට්ටමේ තවත් සබඳතාද ගණනාවක් ගැන තොරතුරු අනාවරණය කර ඇති බව මීට පෙර විවිධ දේශපාලනඥයින් මෙන්ම මාධ්‍යද වාර්තා කර තිබුණු අතර වෙනත් තැන්වලදී පොලිස් දෙපාර්තමේන්තුවේද ඇතැමුන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටින ආකාරය පසුගිය සමයේදී සාක්ෂි සහිතවම අධිකරණය හමුවේ දිගහැරී තිබිණි. මාකඳුරේ මධුෂ්ව අධිකරණයකට ඉදිරිපත් කර, එහිදී ඔහුට සියල්ල හෙළිකිරීමට අවස්ථාව ලබාදුන්නේ නම් මෙරට මහා පරිමාණ පාතාලයට සහ මත්කුඩු වෙළඳාමට අනුග්‍රහය දක්වන පාර්ශ්ව අති බහුතරයක් සොයාගැනීමටද හැකි වන්නට ඉඩ තිබිණි. ඒ සියල්ල මේ සුවිශේෂී සැකකරු අහිමි කරගත් අසාර්ථක පොලිස් මෙහෙයුම නිසා යට යනු ඇත.."
මධූෂ්ගේ නඩුව අහලා කරපු වැරැදි රටට කියලා එල්ලලා මැරුවා නම් හොඳයි. දැන් රටේ ක්‍රියාත්මක කරන්නේ කැලේ නීතිය. මෙහෙම ගියොත් රටට අබසරණයි.
වැරැදි පූර්වා දර්ශයක්... නීතියක් නැති රටක්...
මරේ මරු. ඉතුරු ටිකත් ඔහොම්මම ඉවරයක් වේවා !!!