
(දිනේෂ් උපේන්ද්‍ර)
සංචරන සීමා පවා පනවා තිබියදී කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵලවලට අනුව ඊට සහභාගී වූ තවත් 14 කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
ඊයේ (19) පස්වරුවේ පැමිණ ඇති එම පරීක්‍ෂණ වාර්තාවේ 14 ක් ආසාදිතයින් වීමත් සමගින් කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයේ මුලු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ් වගේද දෙවියෝ... බලන්න ගියේ නැතිනම් තරහා වේවි..!!!
කුලියාපිටියේ අපේ දේවස්ථාන ගොඩක් තියෙනවා. ඒ වුණත් අපි හරියට පරෙස්සම් වෙනවා.
ඇයි අපිට දේව මෙහෙයට සහභාගි වීම තහනම්ද? අපට ආගම ඇදහීමේ නිදහස නැද්ද?
ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ආගමික ශාස්තෲන් වහන්සේලාටද විවිධ රෝගාබාධ වැළඳුණු අවස්ථා හා තුවාල සිදුවීම් හා සමහර අවස්ථාවල ඒවා නිසා ජීවිතය අවසන් වූ අවස්ථාද සිදුවී ඇත. සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන්ගේ පිහිටද පතා ඇත. එතුමන්ලා දේශනා කර ඇත්තේ ගුණ යහපත් ආකාරයට ජීවත් වීම මිස මැජික් ආකාරයට ලෙඩ රෝග සනීප කර ගැනීම නොවේ. අවාසනාවකට නූතන සමහර පූජ්‍ය පක්ෂ මේවා වැරදියට අර්ථ දක්වා ජනතාව මුලා කිරීමෙන් වන්නේ යහපතක් නොව අයහපතකි.
කෝවිඩ් දෙවියෝ ඔය වඩින දෙවියන්ට වඩා බලවත් නිසා... කෝවිඩ් කියලා දේවාල, පල්ලි හදලා වඳ්න්නයි තියෙන්නේ. ගල්යුගයේ මෝඩ මිනිස්සු. ගල් යුගයේ මදිවාට අහක ඉන්න අනික් මිනිස්සුන්වත් අමාරුවේ දානවා.
සමහර ආගමික නිකාය තිබෙනවා ලෙඩට බෙහෙත් ගන්න වුවමනා නැත. යාඥා කළාම සනීප වෙනවා කියන... ඒ නිකාය විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවා. ඒ අයට මොකක් වුණත් අපිට කමක් නැහැ.. ඔවුන් නිසා සමාජයට කොරෝනා වැනි වසංගත පැතිරීමයි බලෙන් හරි නවතා ගන්න ඕනේ...
මේවා ඕනෑකමින්ම හදාගන්න ඒවා. දැඩි දඬුවම් දෙන්න..