
(හේමලතා ඩී හේවගේ)
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
පවුල් 20 කට අයත් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් මෙහි පදිංචිව සිටින අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාමා හේරත් මහත්මියගේ උපදෙස් මත ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ හෙට (21) සිදුකරන බවද එම කාර්යාලය පවසයි.
ඉකුත් 15 වැනිදා මෙම කොට්ඨාසය තුළ නිරෝධායනය වෙමින් සිටි 98 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව එම පිරිසගෙන් එක් කාන්තාවක් ආසාදිතයකු ලෙස තහවුරු වීමත් සමඟ ඇය පදිංචිව සිටි මෙම මාවත මෙසේ හුදෙකලා කළ බවයි.
කාන්තාව ඇතුළුව එම ගම්මානයෙන් මේවනවිට ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වී ඇති බවද සඳහන් වේ.
අවුරුදු 31 ක් වන මෙම කාන්තාව දරුවන් දෙදෙනකුගේ මවක් වන අතර ඇය පදිංචි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී ඇති බවත් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd