IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පන්නල ඇලබඩගම කොටසක් හුදෙකලා කරයි

 

(හේමලතා ඩී හේවගේ)                                                      
  
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය කියයි.
                                                             
පවුල් 20 කට අයත් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් මෙහි පදිංචිව සිටින අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාමා හේරත් මහත්මියගේ උපදෙස් මත ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ හෙට (21) සිදුකරන බවද එම කාර්යාලය පවසයි.
                                                               
ඉකුත් 15 වැනිදා මෙම කොට්ඨාසය තුළ නිරෝධායනය වෙමින් සිටි 98 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව එම පිරිසගෙන් එක් කාන්තාවක් ආසාදිතයකු ලෙස තහවුරු වීමත් සමඟ ඇය පදිංචිව සිටි මෙම මාවත මෙසේ හුදෙකලා කළ බවයි.
 
කාන්තාව ඇතුළුව එම ගම්මානයෙන් මේවනවිට ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වී ඇති බවද සඳහන් වේ.
                                           
අවුරුදු 31 ක් වන මෙම කාන්තාව දරුවන් දෙදෙනකුගේ මවක් වන අතර ඇය පදිංචි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී ඇති බවත් පැවසේ.               



අදහස් (0)

පන්නල ඇලබඩගම කොටසක් හුදෙකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31646 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14080 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11101 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site