(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඟවාගෙන සිටීම, නවාතැන් දීම, ප්‍රවාහනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ අතර වෛද්‍යවරියක් හා ඇගේ සැමියා ද සිටින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවකු සගවාගෙන සිටීම, රැකවරණය ලබා දීම, මෝටර් රථයකින් කළුබෝවිල සිට දෙහිවල ප්‍රවාහන කිරීම යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ යාලුවා පොලිසියෙන් හොයද්දී දවස් 25ක්ම හංගාගෙන හිටියා කියලා පාරම්බාන උන්නැහේ අත්අඩංගුවට ගන්නේ නැද්ද? නැත්නම් මේ යලි උදාවෙලා තියෙන්නේ කැකිල්ලේ රාජ්‍ය සමයද? මොකද අනිත් ඇමතිවරුන්ට පනවපු නීතිය අයියට අදාළ නෑවගේ පෙනෙන නිසයි එහෙම හිතුනේ...
මැස්සෙකුටවත් බේරෙන්න බැහැ කියූ නන්දිකඩාල් පොලිස් බලඇණි 6 දාලත් බැරිවුණා. අපේ කෙනෙකුට නවාතැන් දෙන්න පුළුවන් මහජනතාව දන්නේ කොහොමද? මොහුව අල්ලන්න ඉන්නවා කියලා.., ඔන්න කෝටියක් දෙනවා කියලා දැන්වීම් සහ මාධ්‍ය නිවේදන... පොලිස් ප්‍රකාශක තුමා ප්‍රකාශ කළා නම් දන්නවා.
අද රටේ ඕනෑම අපරාධ කාරයෙකුත් සැඟවී සිටීමට හොඳම ක්‍රමය බුර්කාව පැළදීමයි.. දැන්වත් බුර්කාව තහනම් කළ යුතුයි..
බදියුදීන් රාජපක්ෂලාගේ ගෙදර කිව්ව අය කෝ?
කෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෙර නිවේදන නිකුත් කළ අය, ඒවා මාධ්‍යයට ප්‍රකාශ ලෙස ලබාදුන් අයව ගන්නේ නැද්ද? ප්‍රථමයෙන්ම වරද කරන්නේ ඔවුන්... යමෙකුව අත්අඩංගුවට ගෙන ඒ බව ප්‍රසිද්ධ කිරීමයි කළයුතු වන්නේ... සැබෑ වැරදිකරුවන් නිදැල්ලේ.. පැත්තක සිටි අය අත්අඩංගුවේ. මේවා කාට කියන්නද?
මෙයාලා 7 දෙනාගේ දුරකථනයක් අත්අඩංගුවට අරගෙන විමර්ශණය කරලා ඇති නේද හාමුදුරුවනේ...? මේ දවස් 6 කතාකරපු අයත් සොයාගෙන ඇති නේද හාමුදුරුවනේ...?
එතකොට අර තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපතිත් හැංගිලා හිටියනේ... ඒත් හංගපු අය ඔය තාම ඉන්නේ කිසි ලෙඩක් නැතිව. දැන් එක රටකුත් නැහැ. රටේ ඇති නීතියකුත් නැහැ.
පාස්කු ප්‍රහාරයට නෙවෙයිනේ අත්අඩංගුවට අරන් තියෙන්නේ. මේවා බොරු ෂෝ..
අත්අඩංගුවට ගත්තේ නැතිවුණාම කෑ ගහනවා ඩීල් කියලා. අත්අඩංගුවට ගත්තාම කියනවා පළිගැනීම් කියලා. මේ සියල්ලගේම තියෙන්නේ අවස්ථාවාදී කුහකකම නේද? ඉතින් රටක් හදන්නේ, හැදෙන්නේ කොහොමද?