(කේ. බුද්ධික කුමාරසිරි)
කැබ් රථයක් මීගොඩ ප්‍රදේශයෙ පැවැති රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසකගේ ගැටී සිදු වූ අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කැබ් රථයේ හිමිකරුට එරෙහිව හෝමගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විදෙස් තහනම් නියෝගයක් ලබා ගත් බව මීගොඩ පොලිසිය පවසයි
ඒ අනුව අදාල කැබ් රථයේ හිමිකරු සොයා පොලිස් කණ්ඩායම් තුනක් දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් මීගොඩ පොලිසියේ උසස් නිළදාරියෙකු පැවසීය.
එසේම අදාල අනතුර සිදු වූ අවස්ථාවේදී කැබ් රථයේ සිටි බවට සැක කරන තවත් අයෙකු අත් අඩංගුවට ගැනීම සදහා ද පොලිස් කණ්ඩායමක් යවා ඇති බවද එම උසස් නිළධාරීයා වැඩි දුරටත් පැවසීය. අනතුර සිදුකල පලා යමින් සිටි කැබ් රථයේ රියදුරු පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd