
(එම්.සුසිල් ප්‍රියන්ත සහ ජනක් ද සිල්වා)
සිය මාස දෙකහමාරේ බිළිඳිය ළිඳට වීසි කළ මවක් අද (02) ඇල්පිටිය කහදූව තුඩුවෙගොඩ ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
සැකකාර මව සිය කිරිකැටි දියණිය ළිඳට දමා අනතුරුව, සිය දියණිය ළිඳට දැම්මේ යයි කෑ ගසා ඇති බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ ඇයගේ සැමියා ළිඳ තුළ පාවෙමින් සිටි දියණිය ගොඩට ගෙන අසල්වාසීන්ගේද සහයෝගයෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ නිසාම එම කිරිකැටියාගේ දිවි බේරී ඇති බවත් පොලීසිය කියයි.
කිරිකැටියා දැමූ ළිද නොගැඹුරු එකක් බවත් ඒ නිසාම බිළිඳිය බේරාගැනීමට හැකිව ඇති බවත් කියයි. බිළිඳියගේ තත්ත්වය බරපතල නොවන බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මව කරුණාකරලා මානසික උපදේශක සේවාවකට යොමු කරන්න. Postpartum Depression (PPD) නිසා වෙන්න ඇති. හොඳින් සලකන්න.
මානසික ලෙඩක්ද ?
සමහරවිට මෙය මානසික රෝග තත්ත්වයක් විය හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේ වැදූ ගෙයි සන්නිය ලෙස හඳුන්වන මෙම තත්ත්වය තුල දරුවා කෙරෙහි කේන්තියක් වැනි හැඟීමක් ඇතිවේ. එවැනි අවස්ථාවල තමාගේම දරුවාට හානි කරන්න මව පෙළඹේ. එවැනි අවස්ථා ඕන තරම් වාර්තාවී ඇත. මානසික වෛද්යවන්නකු හමුවට පමුණුවා ඇත්තටම එවැනි තත්ත්වයක් ද යන්න පරීක්ෂා කර ප්‍රතිකාර ලබා දිය යුතුය. එවැනි තත්වයකදී මවට වෙනස්කම් කිරීම නොකල යුතුය.
සිහි බුද්ධිය අඩු, යම් මානසික රෝගයකින් පෙළෙන කාන්තාවක්වත්ද? එවැනි අය ගැන නිවැසියන් බොහෝ සැලකිල්ලෙන් සහ අවධානයෙන් සිටිය යුතුයි. නැත්නම් මොනවයින් මොනවා කරගනීද දන්නේ නැහැ. බිළිඳියට ජීවිත හානියක් නොවී බේරා ගැනීමට හැකිවීම සතුටට කරුණක්.