IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ආසාදිත සිසුවියක් හමුවීමෙන් 160 ක් විශේෂ විභාග ශාලාවකට

 

(තිලකරත්න දිසානායක)

ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලක කොවිඩ් - 19 ආසාදිත සිසුවියක් හමුවීමෙන් එම විදුහලේ විභාග ශාලාවේ සිටි සිසුවියන් 160 දෙනෙකු වෙනුවෙන් විශේෂ ශාලාවක අද (19) සිට විභාගයට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් පියවර තිබේ. 

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කම්හලට නුදුරු ප්‍රදේශයක පදිංචි මෙම සිසුවියට ඇතිවූ රෝග තත්ත්වයක් මත පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහි වාර්තාව අනුව ඇය කොවිඩ් - 19 ආසාදිත බව තහවුරු වී ඇත.

පසුව සෞඛ්‍ය අංශ මගින් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාවේ සිටි සිසුවියන් වෙනුවෙන් මෙලෙස වෙනත් විභාග මධ්‍යස්ථානයක් ලබා දීමට පියවර ගනු ලැබූ බව ගම්පහ කලාපය බාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි මහතා පැවසීය. 

ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා දැනුවත් කිරීමට පියවර ගනු ලැබූ බවත් ඇය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අයි.ඩී.එච්.රෝහලේ සිට උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දී  ඇති බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කීය.

එම සිසුවිය විභාගයට පෙනී සිටි පාසලෙහි විභාග ශාලාවේ කටයුතු කළ කාර්ය මණ්ඩලයද විශේෂ විභාග ශාලාවට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර  එම සිසුවියන් ඇතුළු විභාග කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයින්ගේ තොරතුරු සෞඛ්‍ය අංශ වෙත ලබා දීමටත් කලාප කාර්යාලය පියවර ගෙන ඇත. 

කොවිඩ්- 19 ආසාදිත සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාව විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති අතර එහි සිටි සෙසු සිසුවියන් 160 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කරන බවත් සිසුවියන් හට එම විශේෂ විභාග මධ්‍යස්ථානයේ දී  විභාගයට පෙනී සිටිමට අවස්ථාව සලසා දෙන බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය. 

 



අදහස් (0)

ආසාදිත සිසුවියක් හමුවීමෙන් 160 ක් විශේෂ විභාග ශාලාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 1 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 32 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


යතුරුපැදි අනතුරින් සිසුවා මරුට
2025 මැයි මස 02 192 0

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .


නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 242 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


දේශබන්ධුට පාතාලයෙන් තර්ජන
2025 මැයි මස 02 365 2

තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස


අද කාලගුණය
2025 මැයි මස 02 92 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 411 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 107 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1130 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site