( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලනවාද ? නැත්ද ? යන වග අතුරු නියෝගය හෙට ( 21) ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය අද (20) තීන්දු කළේය.
පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රිට් පෙත්සම සළකා බලමින් අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ ඇත.
නීතිපති ගෞරී සංගරි තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනු කළ මෙම රිට් පෙත්සමින් පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස 14 වැනිදා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත දීර්ඝ කාලයක් රඳවා තබා පරීක්ෂණ සිදුකළ බවයි.
අදාළ කාලසීමාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් තමාට හිමි නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිනුම් යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බව පෙන්වා දෙන රියාජ් බදියුදීන් මහතා එහිදී තමාට එරෙහිව කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් තමන් මුදාහැරීමට එම දෙපාර්තමේන්තුව ක්‍රියා කළ බව කියා සිටී.
එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 11 වැනිදා යළිත් සිය බිරිදගේ මවගේ නිවසට ගොස් සෝදිසියට ලක් කර ඇතැයි පෙත්සම්කරු කියා සිටී.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රියාජ්ගේ පෙත්සමේ අතුරු නියෝගය හෙට
මුණසිංහ Wednesday, 21 October 2020 02:03 AM
මේ සෙල්ලම නම් නවත්තන්න ඕනෑ. මේක කරන්න පුළුවන් ඇති හැකි අයට විතරයි. තමන් වැරැද්දක් කරලා නැත්නම් ඇයි උසාවියට ගිහිල්ලා කරුණු කියලා ගැලවෙන්න බැරි? එහෙම ගැලවුණාට පස්සේ වන්දි ඉල්ලන්න. බොරුවට රටේ නීතිය උපහාසයට ලක්කරන්න එපා.