කෝටි 12 ක මත්ද්‍රව්‍ය රේගුව අල්ලයි
රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’කුෂ් ’’ නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින් , ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලිපිනයකට එවා තිබියදී පෑලියගොඩ මිඩ්කෝ ගුදම් බඩු ගබඩාවේ සේවය කරන රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (06) දින සවස අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .