ප්‍රා.ලේ. කොට්ඨාස 48 කට තව දුරටත් නායයෑමේ අවදානම වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48 කට නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි. 17 December 2023
මිරිස්ගල යටින් මත් කරල් මතුවේ:කතක අල්ලයි මිරිස්ගල යට සූක්ෂම ලෙස තැනූ කුහරයක සඟවා පාසල් සිසුන්ට මත්කරල් අලෙවි කළ කාන්තාවක් මට්ටක්කුලිය පර්ගියුසන් පාර නිවසකදී අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 17 December 2023
ඩී.එස්.ගේ නම හැළුවාට මහනුවර පුංචි මන්ත්‍රිවරු විරෝධයේ මහනුවර ඩී.එස්.සේනානායක පුස්තකාල හා ශ්‍රවණාගාරයේ නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම හෙලා දකින බව මහනුවර හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා පැවසීය. 17 December 2023
වර්ෂා අමාරුවේ දැමූ ගණන 7,000 පනී රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදාවලින් දිස්ත්‍රික්ක හයක පවුල් 2,256 කට අයත් පුද්ගලයන් 7,181 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (17) පැවසීය. 17 December 2023
අලි ප්‍රශ්නෙට ආ යෝජනා ඔක්කොම පුස් වෙලා අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන ඇතුළු විවිධ පාර්ශව ඉදිරිපත් කර ඇති සියලු යෝජනා අසාර්ථක සහ ප්රතිඵලදායි නොවන බව පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ “ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ක්‍රියාකාරී සැලැස්ම 2023” නමැති වාර්තාවේ සඳහන් වේ. 17 December 2023
මුහුදු කූඩැල්ලන් සමඟ හතරක් දැලේ නීති විරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 808 ක් සමග සැකකරුවන් 4 දෙනකු සමග ඩිංගි යාත්‍රා දෙකක් මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 17 December 2023
පාසල් දරුවන්ගේ ජිවිත අවදානමක් පෙන්වයි ප්‍රමිතියෙන් තොර පැසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිත අවදානමක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ තත්ව පාලක අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි මහතා පවසයි. 17 December 2023
ඇඹුල් කෙහෙලේ කල දසාව තවත් හොඳ අතට මෙරට තුන්වැනි ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත මධ්‍යස්ථානයේ අපනයන කටයුතු ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 December 2023
විශ්‍රාම ගන්න අදහසක් නෑ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 17 December 2023
එළොව ගිහින් මෙලොව ආ ලෝරන් මියගොස් විනාඩි 24 කට පසු නැවතත් ජීවිතය ලැබූ කාන්තාවක් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගියදා වාර්තා විය. 17 December 2023
ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත විය. 17 December 2023
කැලණිය සරසවියේ ඉතිරි පීඨ දෙකත් හෙට ඇරේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා යන පිඨ දෙකේ අධ්‍යයන කටයුතු හෙට (18) නැවත ආරම්භ කරන බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය. 17 December 2023
වෙඩි තැබුවේ සුදු කොඩි අරන් එද්දී ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් හමාස් අත්අඩංගුවේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යායු ප්රමුඛ රජයටත්, ඊශ්‍රායල හමුදාවටත් දොස් අහන්න සිදුවී ඇත. 17 December 2023
ඊශ්‍රායලයට එරෙහිව නඩු කියනවා - අල් ජසීරා ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් සිය මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අල්ජසීරා මාධ්‍ය ආයතනය තීරණය කර ඇත. 17 December 2023
පදිකයා බසයට යට වෙයි තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේදී පදිකයෙකු පෞද්ගලික බස් රථයකට දෙපාරක් යටවී මිය ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි 17 December 2023
අතුරුදන් වු සත්දරු මවගේ සිරුර කාසල්රී ජලාශයේ නිවසින් අතුරුදන්ව සිටි සත්දරු මවකගේ මළ සිරුර කාසල්රි ජලාශයේ පාවෙමින් තිබියදිඅද (17) දින හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 17 December 2023
සජිත් ඇරැඹූ වැඩ අවසන් කරන්න ප්‍රසන්නගෙන් නියෝග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන වල වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. 17 December 2023
විනිසුරුවෝ පනස් හතරකට ස්ථාන මාරු විනිසුරුවරුන් දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනකුට ලබන ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හිමිවන බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි. 17 December 2023
උකස් කළ දුරකතනයෙන් මාරයා එයි උකස් කළ ජංගම දුරකතනය නැවත ඉල්ලා ගැනීමට නව කැලණි පාලම ප්‍ර දේශයට ගොස් ඇති වූ බහින්බස්වීමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ උකස් ගත් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. 17 December 2023
බිත්තර කෝටි 12 ක් ආනයනය කරයි ලබන වසරේ (2024) අප්‍රේල් මස දක්වා කාලය තුළ මෙරටට ඉන්දියාවෙන් බිත්තර කෝටි 12 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර කෝටියක් හෙට (18) සතොසට නිදහස් කරන බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 17 December 2023
අලියාගේ පහරදීමෙන් පස්දරුපියා මරුට ඉපලෝගම පුලියන්කුලම මහඉලුප්පල්ලම සංගැට්ටාව ගම්මානයේදී සිය ගෙවත්තට පැමිණි වල් අලියෙක් පළවාහැරීමට ගිය පුද්ගලයකු අලියාගේ පහරකෑමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 December 2023
මෝදි ලොකුම කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි ලොව විශාලතම කාර්යාලය සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත විය. ‘සූරත් දියමන්ති හුවමාරුව’ යන නමින් නම් කළ මෙම ගොඩනැගිල්ල ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි එරට යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටනය අභිබවා යයි. 17 December 2023
ශ්‍රී ලංකාවේ උපත් සියයට 25 කින් බසී ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව පසුගිය වසර 10 යේදී සියයට 25 කට ආසන්න ප්‍රතිශතයකින් පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ උපත් ලේඛණයෙන් පැහැදිළි වේ. 17 December 2023
රිය අනතුරින් පා පැදි ශූරයෙක් මරුට ජා- ඇල මහපොළ පිවිසුම් මාර්ගයේ ඉදිකර ඇති දැවැන්ත ඉලෙක්ටෝනික මහපොළ ප්රචාරක පුවරුව කඩාගෙන අනතුරකට ලක් වූ බස් රියකට හැපී එම ස්ථානයේ සිටි පාපැදි ශූරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. 17 December 2023
රනිල්,මහින්ද,වජිර,දිලිත් එක පොකුරට ශ්‍රී ලාංකික දේශපාලනයේ පෙරලිකාර චරිත හතරක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකදී හමුවූහ. 17 December 2023
ලොරියේ ගැටී සිවිල් ආරක්ෂකයා මරුට බත්තරමුල්ල පැලවත්ත විභාග දෙපාර්තුමේන්තුවේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වූ ලොරි රථයක් එකවරම ලිස්සා ගොස් ප්‍රධාන පිවිසුමේ රාජකාරියෙහි නිරතව සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිළධාරියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම නිළධාරීයා මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි. 17 December 2023
මාළු ව්‍යාපාරිකයාගේ සිරුර ළිඳකින් හමුවෙයි සුරතල් මත්ස්‍ය කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු ගේ මළ සිරුරක් ඒ මහතාට අයත් හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ මත්ස්‍ය ගොවිපළක තිබූ අනාරක්ෂිත විශාල ලිදක තිබී සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි 17 December 2023
සුදු ඉරේදී පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු හප්පලා සුදු ඉරෙන් පාර මාරුවෙමින් සිටී පුහුණු පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු පෞද්ගලික බසයක ගැටී රෝහල් ගතකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 17 December 2023
මොරටුව කුලපති පත් කරයි මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කසිම් මහතා පත් කර ඇත. 17 December 2023
ලොරියේ ගැටී අයෙක් මරුට:අයෙක් රෝහලට හයිලෙවල් මාර්ගයේ හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයින් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ එක් අයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 17 December 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026