
(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල පැලවත්ත විභාග දෙපාර්තුමේන්තුවේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වූ ලොරි රථයක් එකවරම ලිස්සා ගොස් ප්‍රධාන පිවිසුමේ රාජකාරියෙහි නිරතව සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිළධාරියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම නිළධාරීයා මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර ගල්පාත පරදුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සෙම්බුකුට්ටිගේ සංජය කුමාර නැමැති 36 හැවිරිදි විවාහකයෙකි
අනතුර සිදුකල ලොරි රථය ඉන්ධන ලබා ගැනීම සදහා විභාග දෙපාර්තුමේන්තුවේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය කරමින් සිටියදී ලොරි රථයේ තිරිංග එක්වරම ක්‍රියා විරහිත වීම නිසාවෙන් ලිස්සා ගොස් ආරක්ෂක නිළධාරීයාගේ ශරීරයේ ගැටී ලොරි රථය සහ තාප්පය අතර ආරක්ෂක නිළධාරීවා සිර වී ඇති බවද පොලිසිය පවසයි
අනතුරින් පසු එම නිළධාරියා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd