(අංජුල මහික වීරරත්න)

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන වල වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

උදා ගම්මාන  2,150 ක අඩක් ඉදිකළ නිවාස 39,815 ක වැඩ මෙලෙස අවසන් කිරීමට නියමිතය.

 ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය සහ ගමට බලාගාරයක් වැඩසටහන යටතේ විදේශීය ආයෝජකයකු මගින් එම නිවාසවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කරන බව අමාත්‍යවරයා කීය.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටි 2015-2019 සිව් වසරක කා⁣ලයේ දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබූ බව අමාත්‍යාංශය පවසයි.

නමුත් ඒවායේ වැඩ අවසන් කර තිබුනේ අර්ධ වශයෙන් බව අමාත්‍යාංශය කියයි.