(ගයාන් සූරියආරච්චි සහ යොහාන් බාසුර )

නීති විරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 808 ක් සමග සැකකරුවන් 4 දෙනකු සමග ඩිංගි යාත්‍රා දෙකක් මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 50 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් යොදවා මන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම යාත්‍රා දෙක පරීක්ෂා කිරීමේදී  වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ 808 ක තොගය නාවික හමුදා බාරයට ගෙනි තිබේ.