(සුජිත් හේවාජුලිගේ )
විනිසුරුවරුන් දිසා විනිසුරුවරුන් සහ  මහේස්ත්‍රාත්වරුන් 54 දෙනකුට ලබන ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හිමිවන බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.
වාර්ෂික ස්ථාන මාරුවීම් සහ සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම සිදුකෙරෙන බව  එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව කඩුවෙල පූගොඩ මාරවිල කළුතර මාතලේ ඇල්පිටිය මොනරාගල පුත්තලම කිලිනොච්චිය සහ අනුරාධපුර යන අධිකරණවල දිසාවිනිසුරුවරුන්ට  ස්ථාන මාරු හිමිව ඇත.
මෙයට අමතරව හෝමාගම මීගමුව බණ්ඩාරවෙල නුවරඑළිය මඩකලපුව කෑගල්ල ඇල්පිටිය බලපිටිය මැදවච්චිය, නොච්චියාගම නාඋල, ආනමඩුව, අගුණුකොලපැලැස්ස සහ  කහට ගස් දිගිලිය යන  අධිකරණවල මහේස්ත්‍රාත්වරුන්ටද ස්ථාන මාරුවීම්  හිමිව  ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය