
( කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම පුලියන්කුලම මහඉලුප්පල්ලම සංගැට්ටාව ගම්මානයේදී සිය ගෙවත්තට පැමිණි වල් අලියෙක් පළවාහැරීමට ගිය පුද්ගලයකු අලියාගේ පහරකෑමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ රණසිංහ බංඩා නැමැති වයස අවුරුදු 65ක් පමණ වන පස් දරු පියෙකු බව ඉපලෝගම පොලිසිය කියයි.
කෙසෙල්, පොල්, බුලත් වගා කර ඇති සිය ගෙවත්තට අද අළුයම පැමිණී වල් අලියකු පලවා හැරීමට ගිය අවස්ථාවේ එම ගෙවත්තේ සැගව සිටි තවත් වන අලියකු ඔහුට මෙලෙස පහර දී ඇති බව පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියෙක් මැරුණාම පල් හෑලි ලියන පන්ඩිතයින්ට අලි ගහලා මිනිස්සු මැරෙන එක ගැන වගේ වගක් නෑ...!
පව් අනේ අලියා. මීට, නගරබද පරිසරවේදියා.