(කේ බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයින් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ එක් අයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.