(අංජුල මහික වීරරත්න)

මෙරට තුන්වැනි ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත මධ්‍යස්ථානයේ අපනයන කටයුතු ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

හම්බන්තොට කච්චිගල් ආර ප්‍රදේශයේ අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදි කර ඇති අතර එහි යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම අත්හදා බැලීම  අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ වනවිට අපනයනය සඳහා වන ඇඹුල් කෙසෙල්  වගා කලාප හා සැකසුම් මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කර ඇති අතර ඉන් පළමුවැන්න රාජාංගනයේත්, දෙවැන්න යාපනයේත් පිහිටා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපාතියේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.