(යොහාන් භාසුර)
ලබන වසරේ (2024) අප්‍රේල් මස දක්වා කාලය තුළ මෙරටට ඉන්දියාවෙන් බිත්තර කෝටි 12 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර කෝටියක් හෙට (18) සතොසට නිදහස් කරන බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉන්දියාවෙන් බිත්තර ලක්‍ෂ 150 ක් අද දිනයේ මෙරටට ළගා වන බවත් එතැන් පටන් මසකට බිත්තර කෝටි තුන බැගින් මාස හතරක් ඉන්දියාවෙන් ආනයනය කරන බවත් එම නිලධාරියා කීය.
මෙම මස මුලදී රුපියල් 40 ත් 50 ත් අතර මිල පැවැති බිත්තරයක මිල අද වන විට 60 ත් 65 ත් දක්වා ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කර වෙළෙඳ අමාත්‍යවරයා බිත්තර ආනයනයට අවසර දුන් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිනිස්සු හරිම වෙනස්.. මොකද ගෙදර පරිභෝජනයට අවශ්‍ය දෙයක් හදා ගන්න එක තමුන්ගේ තත්වෙට හොඳ මදි කියලා සියලු සබ්බ සකලමනාවම ගන්නේ සුපර් මාර්කට් එකෙන්. හැබැයි වෙන රටවල ගිහිල්ලා කරන්නේම මෙහෙදි කරන්න හිතන්නේවත් නැති රස්සාවල්. අපි පොෂ්වෙලා.. හැබැයි ලොකෙටම ණය කාරයෝ.. මාන්නේ උපරිමයි
පුතේ අපි බිත්තර කනවා... නුඹලා ණය ගෙවපල්ලා...!
රාලහාමි අන්න ඔහෙලගෙ දුරදර්ශී නායක තුමා පරිනත බුද්ධිය යොදවල අයි එම් එෆ් නය අරන් බිත්තර ගෙන්නනව.