( සුමිත් පොතුපිටිය )
සුදු ඉරෙන් පාර මාරුවෙමින් සිටී පුහුණු පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු පෞද්ගලික බසයක ගැටී රෝහල් ගතකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ රෝහල් ගතකර ඇත්තේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනයේ පුහුණුව ලබමින් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනකු බව සදහන් වේ.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට ඇති පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිට ඇති අතර, හැඩිගල්ල බදුරලිය සිට කොළඹ බලා ගමන්ගත් බසයක ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.අනතුර සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd