(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේදී පදිකයෙකු පෞද්ගලික බස් රථයකට දෙපාරක් යටවී   මිය ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි

අනතුරින් මිය ගොස් ඇත්තේ  බත්තරමුල්ල උඩුමුල්ල පාර පදිංචිව සිටි  විශ්‍රාමික කාර්යාල කාර්ය සහායකයකු වූ ගඟබඩ ලියනගේ විජේවර්ධන (79) යන අයයි

මාර්ග අංක 17   මහනුවර සිට   පානදුර දක්වා  ධාවනය වන පෞද්ගලික බස් රථය  කොස්වත්ත  සිට බත්තරමුල්ල දෙසට පැමිණ මගින් බැස්සවීම සඳහා  බත්තරමුල්ල මාර්ග සංඥා ආසන්නයේ බස් නැවතුමක නවතා  ඉදිරියට ධාවනය වීමේදී  ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට  මාර්ගය මාරුවීම සඳහා යමින් සිටි  මියගිය  පුද්ගලයාගේ ශරීරයේ ගැටී ඇතැයි පොලිසිය කියයි

එහිදී එම පුද්ගලයා මාර්ගයේ වැටී බස් රථයේ දකුණු පස ඉදිරිපස රෝදයට යට වී ඇති අතර මගීන්ගේ කෑගැසීමත් සමගම රියදුරු බස් රථය ආපස්සට ගැනීමේදී නැවතත් එම රෝදයට යට වී ඇතැයි පොලිසිය කියයි