
(විමුක්ති එස් රුද්‍රිගු)
මියගොස් විනාඩි 24 කට පසු නැවතත් ජීවිතය ලැබූ කාන්තාවක් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගියදා වාර්තා විය.
හදවත ස්පන්දනය වීම නතර වීම හේතුවෙන් ලෝරන් කැනාඩේ නම් මෙම කාන්තාව සායනිකව මියගොස් ඇත.
විනාඩි 30 කට ආසන්න කාලයක් හදවත ස්පන්දනය වීම නතර වීම හේතුවෙන් සිහිසුන්ව සිටි තමන් හදිසි ප්‍රතිකාර ලබාදෙන නිලධාරීන්ගේ බලවත් උත්සාහයෙන් විනාඩි 24 කට පසු නැවතත් ජීවිතය ලැබූ බව ලෝරන් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවාය.
නමුත් තමන්ට එම සතියේ සිදුවූ කිසිම දෙයක් පිළිබඳ මතකයක් සිහිය ලැබෙන විට නොතිබූ බවද ලෝරන් ප්‍රකාශ කළාය.
පසුගිය පෙබරවාරි මාසයේදී නිවසේ සිටියේදී හදිසි හෘදයාබාධයක් ඇති වූ බවත් එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ සැමියා හදවත නතර වූ විට ලබා දෙන ප්‍රථමාධාර තමාට ලබා දීම ආරම්භ කළ බවත් වහාම ඔහු හදිසි ප්‍රතිකාර සේවයට ඇමතුමක් ලබා දී ඇති බවත් ලෝරන් පැවැසුවාය.තම හදවත නැවත පණ ගැන්වීමට හදිසි ප්‍රතිකාර ලබා දෙන නිලධාරීන්ට විනාඩි 24 ක කාලයක් ගත වූ බවත් නැවත ජීවිතය ලැබීමෙන් පසු දින නවයක කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් ලෝරන් ප්‍රකාශ කළාය.
නැවත ජීවිතය ලැබෙන විට මොළයට කිසිඳු හානියක් සිදු වී නොතිබූ බවත් ජීවිතය ලැබීමෙන් පසු විනාඩි 30 කාලයක් අපස්මාරය වැළදී තමන් පීඩා විඳි බවත් ලෝරන් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවාය.හෘදයාබාධය ඇතිවන විට තමන්ට කොවිඩ් රෝගය වැළඳී තිබූ බවත් ඉන් ඇතිවූ සංකූලතා හේතුවෙන් හෘදයාබාධය ඇති වී ඇති බව හදිසි ප්‍රතිකාර නිලධාරීන් තමාට දැනුම්දුන් බවත් ලෝරන් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.
තමන් මරණාසන්න අත්දැකීමක් අත් නොවිඳි බවත් තමන් විනාඩි 24 කාලයක් මියගොස් සිටි බවත් ලෝරන් පෙන්වා දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු ශරීරයට සහ ජීවිතයට ඇති තදබල උපාදානය හෙවත් දැඩි තණ්හාව හේතුවෙන් විඤ්ඤාණය දෙවැනි අමනුෂ්‍ය ශරීරයෙන් (දෙවැනි භවයේ) මිදී (එම ආත්මයෙන් මරණයට පත්ව) පළමුව විඤ්ඤාණය බැසගෙන තිබූ මනුෂ්‍ය ශරීරයට නැවත ඇතුළු වූ වගයි.