(යොහාන් භාසුර)
කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා යන පිඨ දෙකේ අධ්‍යයන කටයුතු හෙට (18) නැවත ආරම්භ කරන බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය.
ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මෙම මස 5 වැනිදා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ තාවකාලිකව වසා දැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගත්තේය.