සංචාරක පැමිණීම් ලක්ෂ 17 ඉක්මවයි
වසරේ මේ දක්වා මෙරට වෙත පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරියකු සඳහන් කළේය. සැප්තැම්බර් 30 වැනිදා වන විට මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්යාව 1,693,679ක් වූ අතර, ඔක්තෝබර් මාසයේ පළමු දින 04 තුළ පැමිණි 20,000 කට ආසන්න තාවකාලික සංචාරක දත්ත සමගින් මෙම අගය සටහන්ව තිබේ.