වසරේ මේ දක්වා මෙරට වෙත පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරියකු සඳහන් කළේය. සැප්තැම්බර් 30 වැනිදා වන විට මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,693,679ක් වූ අතර, ඔක්තෝබර් මාසයේ පළමු දින 04 තුළ පැමිණි 20,000 කට ආසන්න තාවකාලික සංචාරක දත්ත සමගින් මෙම අගය සටහන්ව තිබේ.
දත්ත අනුව සැප්තැම්බර් මාසයේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 158,557ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 සැප්තැම්බරයේ පැමිණි සංචාරකයන් 158,971 හා සැසඳීමේදී සියයට 0.26ක අඩුවීමකි.
සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැමිණි සංචාරකයන් අතරින් 437,414ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් 160,727 දෙනකු සහ චීනයෙන් 112,550ක් ලෙස මෙම පැමිණීම් සටහන්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd