කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සමාගම, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් සමාගම තුළ ඇති සිය කොටස් හිමිකාරීත්වයම හෝ ඉන් කොටසක් අලෙවි කිරීමට තීරණය කර ඇතැයි පවසයි.
පසුගියදා රැස් වුණු සණස ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ. මෙය සණස ජෙනරල් තුළ ඇති සිය කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන උපායමාර්ගික සැලසුමේ කොටසක් බවත් සමාගම පවසයි.
අද වනවිට සණස ජෙනරල් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 30,614,059ක් එනම් සියයට 53.5ක ප්‍රතිශතයක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී වෙත හිමිව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd