ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම සිය හිමිකම් කොටස් නිකුතුවක් හරහා රුපියල් බිලියන 5ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 17ක් සඳහාම අලුතින් කොටස් 8ක් ලෙස මෙම නිකුතුව සිදු කෙරේ.
මෙහිදී නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්යාව 128,470,588 කි. එක් කොටසක් රුපියල් 39ක් ලෙස මිල කෙරී ඇති අතර, නිකුතුවේ වටිනාකම රුපියල් 5,010,352,932ක් වෙයි.
ලංකා වෝල්ටයිල්ස් මගින් දැනට නිකුත් කර ඇති සමස්ත කොටස් සංඛ්යාව 273,000,000 ක් වන අතර, සමාගමෙහි ප්රකාශිත ප්රාග්ධනය රුපියල් මිලියන 787 කි. මෙලෙස රැස් කරගන්නා මුදලින් කොටසක් බැංකු ණය ගෙවීමට සහ වෙනත් ගෙවීම් සඳහා යොදාගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd