තලේබාන් නායකයන් අතරේ මත ගැටුම් තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් සහ සෙසු තලේබාන් නායකයන් අතරේ මත ගැටුම් ආරම්භ වී ඇති බවත්, එම මත ගැටුම් තලේබාන්වරුන් පිහිටුවූ නව අන්තර්වාර රජය අස්ථාවර කිරීමට හේතුවක් වනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 15 September 2021
පුටින් නිරෝධායනයේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු ’කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමත් සමඟ ජනාධිපති පුටින් ස්වයං නිරෝධායනයට යොමු කළ බව රුසියන් මාධ්‍ය වාර්තා කර තිබේ. 14 September 2021
ඉන්දු ඇමෙරිකා රාජ්‍ය තාත්ත්‍රික හමුවක් ඉන්දු සහ ඇමෙරිකානු විදේශීය සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. 14 September 2021
බ්‍රිතාන්‍ය දරුවන්ට කොවිඩ් එන්නත් ලබා දීම ඇරැඹේ බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ආරම්භ වී තිබේ. 14 September 2021
මාස 18 කට පසු බංග්ලාදේශයේ පාසල් යළි ඇරැඹේ ’කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු බංග්ලාදේශයේ පාසල් මාස 18 කට පසු යළි විවෘත විය. 14 September 2021
එක්සත් ජාතීන්ගේ 76 වැනි සැසිය ඇරැඹේ එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිය ආරම්භ විය. සාමාජික රටවල් 193 ක රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගී වීමටත් සමුළුව ඇමැතීමටත් නියමිතය. 14 September 2021
චීනයේ ළමා කොරෝනා පොකුරක් චීනයේ අලුතිත් නිර්මාණය වූ ’කොවිඩ් 19’ පොකුරට අයත් වැඩි දෙනා කුඩා දරුවන් යැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 14 September 2021
උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි නව මාදිලියේ දිගු දුර කෲස් මිසයිල කීපයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියානු හමුදාව පවසයි. උතුරු කොරියා හමුදාව මෙම මිසයිල නිර්මාණය කර ඇත්තේ පසුගිය දෙවසර කාලයේය. න්‍යෂ්ටික යුද ශීර්ෂ සම්බන්ධ කළ හැකි මෙම මිසයිලවලට කිලෝ මීටර් 1,500 ක දුරක් ගමන් යා හැකි බව උතුරු කොරියා හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 13 September 2021
ප්‍රංශ ජනපති ධුරයට තරග කරනවා - ඈන් හිඩැල්ගෝ ප්‍රංශ ජනාධිපතිවරණය ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත අතර, පැරිස් නගරාධිපතිනිය ලෙස කටයුතු කරන ඈන් හිඩැල්ගෝ පවසා ඇත්තේ තමන් ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැති බවය. 13 September 2021
ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්තුමා හංගේරියාවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හංගේරියාවේ එක් දින සංචාරයකට සහභාගී විය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් විසිනි. 13 September 2021
ඇමෙරිකාවේ 12 ට අඩු දරුවන්ට ෆයිසර් ඇමෙරිකාවේ වයස අවුරුදු 12 අඩු ළමුන්ට ලබන මාසයේ සිට ෆයිසර් එන්නත ලබාදීමට හැකිවනු ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. 12 September 2021
චීනයෙන් අලුත් එන්නතක් චීනයේ නව කොවිඩ් මර්දන එන්නතේ පළමු නිෂ්පාදන කටයුතු ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 12 September 2021
9/11 ප්‍රහාරයට අවුරුදු 20 යි ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය, ඇමෙරිකන් මගී ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වී අද (11) ට වසර 20 කි. 11 September 2021
තලේබාන්වරුන් ඇෆ්ගන් මාධ්‍යවේදීන්ට පහරදීලා ඇෆ්ගන් මාධ්‍යවේදීන් දෙදෙනකු තලේබාන්වරුන්ගේ අමානුෂික ලෙස පහර දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පහර කෑමට ලක් වුණු මාධ්‍යවේදීන් දෙදෙනා තුවාල ලබා සිටින අයුරු දැක්වෙන ඡායාරූප පවා විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. 10 September 2021
නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවෙලා උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවී ඇතැයි දකුණු කොරියා පුවත් සේවා වාර්තා කරයි. 10 September 2021
ඇෆ්ගනිස්තානයෙන් පිටවී යති ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයෝ රැසක් ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියහ. වාණිජ ගුවන් යානා මඟින් ඔවුන්ට ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව යෑමට අවස්ථාව ලබා දී තිබෙන අතර ඔවුන්ගෙන් බොහෝදෙනා ඇමෙරිකානුවන් බව ද වාර්තා වේ. 10 September 2021
බයිඩන් ජින්පින් දුරකතන සංවාදයක ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැය එකහාමාරකට ආසන්න කාලයක් දුරකතන සංවාදයක යෙදී ඇත. 10 September 2021
පලා ගිය ජනපති සමාව ඉල්ලයි තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කර ගනිද්දී, රටින් පලා ගිය ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගන් වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා සමාව ඉල්ලුවේ ට්විටර් පණිවුඩයක් ලෙස විශේෂ ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කරමිනි. 09 September 2021
තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ප්‍රමාද කරන්න ’කොවිඩ් 19’ වයිරසට එරෙහිව ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස තෙවැනි එන්නත් මාත්‍රාවක් 2022 වසර තෙක් කල් දමන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාව ඇතුළු බටහිර ධනවත්රටවලින් ද ඊශ්‍රායලයෙන් ද ඉල්ලීමක් කර තිබේ. 09 September 2021
ජපන් අගමැති ධුරයට කාන්තාවක් පත්වන ලකුණු ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පළමු වරට කාන්තාවක් තේරී පත්වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 09 September 2021
ජපානයේ හදිසි සීමා තවදුරටත් ජපානයේ ටෝකියෝ සහ තවත් ප්‍රදේශ කිහිපයකට පනව තිබෙන ‘කොවිඩ්-19’ හදිසි සීමා තවදුරටත් දීර්ඝ කරන බව එරට බලධාරීහු අද (9) ප්‍රකාශ කළහ. 09 September 2021
සෞඛ්‍ය ආපදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කළ යුතුයි ‘කොවිඩ්-19’ වසංගතයටත් අනාගත සෞඛ්‍ය ආපදා සහ හදිසි තත්ත්වවලටත් මුහුණ දීම සඳහා සෞඛ්‍ය ආපදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 09 September 2021
තලේබාන් රජයක් පිහිටුවයි වසර 20 කට පසු යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් තලේබාන් සංවිධානය නව අන්තර්වාර රජයක් පිහිටුවූ බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 09 September 2021
නවසීලන්තයේ ලොක්ඩවුන් සීමා ලිහිල් වෙයි නවසීලන්තය මේ සතියේ දී ‘කොවිඩ්-19’ ලොක්ඩවුන් සීමා ලිහිල් කරනු ඇතැයි වාර්තා වේ. 07 September 2021
ඉන්දියාවේ ගොවි විරෝධතා නව කෘෂිකාර්මික නීතිරීතිවලට විරෝධය පළ කරමින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීහු දස දහස් ගණනක් ඊයේ (6) විරෝධතාවලට නිරත වූහ. 07 September 2021
ඉරාක පොලිස් මුර පොළට ප්‍රහාරයක් ඉරාකයේ කිර්කුක් හි පිහිටි ආරක්ෂක මුරපොළකට ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ. 07 September 2021
තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා ඇති කරගැනීම සහ සහයෝගීතාව ඇති කරගැනීම ට යුරෝපා සංගමය අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පළ කර තිබේ. 07 September 2021
හමුදා පාලනයට එරෙහිව සටන් අරඹනවා හමුදා පාලනයට එරෙහිව අද සිට සටන් වදින බව මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව ප්‍රකාශ කරයි. 07 September 2021
මියන්මාරයේ අෂීන් විරාතු හිමි නිදහස් මියන්මාර හමුදාව ජාතික බෞද්ධ භික්ෂුවක් ලෙස ප්‍රකට අෂීන් විරාතු හිමි නිදහස් කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 07 September 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026