
යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව සමඟ හෝ වෙනත් බටහිර රටක් සමඟ හෝ යුද වැදීමේ කිසිදු අදහසක් රුසියාවට නැති බවත්, යුද්ධයක් අවශ්‍ය වී ඇත්තේ ඇමෙරිකාවට බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යළිත් වරක් අවධාරණය කළේය.
යම්හෙයකින් රුසියාව මැදිහත් වී යුද්ධයක් ආරම්භ වුවහොත්, එය යුරෝපා කලාපයට පමණක් නොව මුළු ලොවටම විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
යුක්රේනය නේටෝ සංවිධානයට 'හිතවත්වීම' මුල්කොට ගනිමින් හටගත් අර්බුදය කඩිනමින් විසදීමට ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටහිර රටවල් පියවර ගත යුතු බව ද රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දුන්නේය.
ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොලේස්, යුක්රේන සංචාරයකින් පසු රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති පුටින් හමුවී, යුක්රේන අර්බුදය සම්බන්ධයෙ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
ඉන්පසු ජනාධිපතිවරුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද සහභාගී විය. යුක්රේනය මුල්කොට ගනිමින් යුද්ධයකට යෑමේ කිසිදු අදහසක් රුසියාවට නැතැයි ජනාධිපති පුටින් අවධාරණය කළේ එම මාධ්‍ය හමුවේදීය.
ඕලාෆ් ෂොලේස් ජර්මන් චාන්සල්වරයා ලෙස රුසියාවට ගොස් රුසියන් ජනපති පුටින් හමුවූයේත්, ඊට පෙර යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවූයේත් පළමු වරටය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද්ධයක් ඕනෑ ඇමෙරිකාවට
Sriland Thursday, 17 February 2022 02:21 PM
මේ ඔක්කොම කරන්නේ ආයුධ විකුණා ගැනීමේ කුමන්ත්‍රණ... ඇමෙරිකාව සපෝර්ට් කළොත් රුසියාව ආයුධ විකුණා ගන්න බව දෙගොල්ලොම කතා කරලා මේවා කරන්නේ...!