IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පුටින් හමුවෙන්න 5 වරක් පීසීආර් කරලා

නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ උණුසුම් ලෙස පිළිගැනීමට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.

බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ, ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් තරයේ ප්‍රතික්ෂේප කරන රාජ්‍ය නායකයෙකි. එහෙයින්, රුසියන් ජනාධිපති පුටින් අසලට යෑමට බොල්සරානෝ ට කොරෝනා පරීක්ෂණ 5 කට යොමු වීමට සිදුවුණු බව මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස බොල්සරානෝ, රුසියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. බ්‍රසීලයත් රුසියාවත් අතරේ ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින්, ගිවිසුම් රැසකට අත්සන් කිරීම මෙ සංචාරයේ අරමුණය.

බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ, ‘කොවිඩ් 19’ සඳහා නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් තරයේ ප්‍රතික්ෂේප කරන ලොව එකම රාජ්‍ය නායකයා වෙයි. ඔහු බ්‍රසීල සෞඛ්‍ය උපදෙස් පවා නිසි ලෙස පිළිපඳින්නේ නැත. පසුගිය 2020 දී බොල්සරානෝ ‘කොවිඩ් 19’ ආසාදිතයකු බවට ද පත් විය.

බොල්සරානෝ ‘කොවිඩ් 19’ වයිරස වසංගතය ගැන දක්වන්නේ ලිහිල් ප්‍රතිපත්තියකි. ලොව ‘කොවිඩ්’ මරණ අතින් බ්‍රසීලය අංක දෙක ස්ථානයට පත් වීමට හේතුව එය යැයි ද චෝදනා එල්ල වී තිබේ.

රුසියන් ජනාධිපති පුටින්, ‘කොවිඩ් 19’ වයිරසය ගැන සැලකිල්ලක් දක්වන අතර, ආසාදිතයකු නොවී සිටීමට හැකි සෑම ආරක්ෂිත පියවරක්ම ගන්නා, සෞඛ්‍ය උපදෙසවලට කන් දෙමින්, ඒවා හොඳින් පිළිපඳින රාජ්‍ය නායකයෙකි.

රුසියන් ජනාධිපති ‘කොවිඩ් 19’ සඳහා ලබා ගෙන ඇත්තේ රුසියාවේ දේශීය වශයෙන් නිපදවන ‘ස්පුට්නික් 5’ එන්නතය. රුසියන් ජනාධිපතිවරයා බූස්ටර් එන්නතක් ද ලබා ගෙන ඇත. එය ද ‘ස්පුට්නික් ලයිට්’ එන්නත් මාත්‍රාවකි. ‘ස්පුට්නික් ලයිට්’ යනු තනි මාත්‍රාවක ප්‍රතිශක්තිකරණ එන්නතකි.

රුසියන් ජනාධිපති පුටින් අසලට ගොස් ඔහු හමුවීමට එන්නත් ලබා නොගත් බ්‍රසීල ජනාධිපති බොල්සරානෝට රුසියන් ජනපති ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අකුරට පිළිපැඳීමට සිදුවිය. කෙරෝනා පරීක්ෂණ පහකට යොමු වූයේ ඒ අනුවය.  රුසියන් සෞඛ්‍ය අංශ සහ ජනපති ආරක්ෂක අංශයේ අධීක්ෂණය යටතේ  එම කොරෝනා පරීක්ෂණවලට බ්‍රසීල ජනාධිපතිවරයා මුහුණ දුන්නේය.

රුසියන් ජනාධිපති පුටින් හමුවී වෙළෙඳ, විද්‍යා සහ සංස්කෘතික ගිවිසුම් කීපයකට අත්සත් තැබීම බ්‍රසීල ජනාධිපතිවරයා කටයුතු කළේය. බ්‍රසීල විදේශ ඇමැතිවරයාත් ආරක්ෂක ඇමැතිවරයාත් ජනාධිපති බොල්සරානෝ සමඟ මෙම රුසියන් සංචාරයට සහභාගී වෙති. ඔවුන් ‘කොවිඩ් 19’ පරීක්ෂණවලට යොමු කෙරුණු බව ද පැවැසිණි.

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට රුසියාවට පැමිණෙන්නැයි බ්‍රසීල ජනාධිපතිවරයාට ඇරැයුම් කළේ රුසියන් ජනාධිපති පුටින් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එම ඇරැයුම කර ඇත්තේ පසුගිය 2021 නොවැම්බර් මාසයේය. ඒ යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමට පෙරය.

යුක්රේන රැසියානු අර්බුදය සම්බන්ධයෙන් ද බොල්සරානෝ සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත්විණි. එහිදී අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කළ යුතු යැයි බොල්සරානෝ පෙන්වා දුන්නේය. එම අවස්ථාවේදී ද රුසියන් ජනාධිපති පුටින් අවධාරණය කළේ බටහිර රටවල් සමග යුද වැදිමේ අදහසක් නොමැති බවය.

මීට පෙර ප්‍රංශ ජනාධිපති ඉමැනුලේ මැක්රොන්, පුටින් හමුවීමට පැමිණි අවස්ථාවේදී, රුසියන් සෞඛ්‍ය අංශ සහ ජනපති ආරක්ෂක අංශ කී ආකාරයට ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා ඔහු යොමු වම ප්‍රතික්ෂේප කළේය. ඒ, රැසියානුවන් තමන්ගේ ඩී.එන්.ඒ. සොරකම් කරාවි යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් බිය පළ කළ බැවිනි.

එහෙයින් පුටින් හමුවී සාකච්ඡා කරද්දීත්, ඉන්පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වද්දීත් මැක්රොන් සහ පුටින් එකිනෙකාගෙත් මීටර් දෙකකට වඩා පරතරයක් තබාගෙන සිටියහ. මැක්රොන් පූර්ණ එන්නත්කරණයට ලක්වී බූස්ටර් එන්නත ලබා ගත් රාජ්‍ය නායකයෙකි.

(රොයිටර්)



අදහස් (0)

පුටින් හමුවෙන්න 5 වරක් පීසීආර් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 583 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site