බී.බී.සී පුවත් සේවය මගින් සිදු කල පරීක්ෂණයකදී කාන්තාවන්ගේ අඩ නිරුවත් ඡයාරූප එම කාන්තාවන්ගේ කැමැත්තකින් තොරව අපහසුතාවයට පත්කිරීමට, ලැජ්ජා කිරීමට, හිරිහැර කිරීමේ අරමුණින් සහ කප්පම් ගැනීමේ චේතනාවෙන් විශාල වශයෙන් ටෙලිග‍්‍රෑම් සමාජ මාධ්‍ය තුල සැරි සරන බව සොයාගෙන ඇත.
ලෝකයේ රටවල් 20 කට අධික සංඛ්‍යාවක කාන්තාවන්ගේ හොරකම් කරන ලද හෝ හොර රහසේ පටිගත කරන හෝ එක් අයෙකුට අරින ලද අඩ නිරුවත් ඡුායාරූප සහ ලිංගික ක‍්‍රියාකාරකම් වල යෙදෙන වීඩියෝ එම කාන්තාවන්ගේ අවසරයකින් තොරව ටෙලිග‍්‍රෑම් සමාජ මාධ්‍යයේ ගිණුම් වල සහ නාලිකා වල සැරිසරන බව බී.බී.සී පුවත් සේවය අනාවරණය කර ගෙන ඇත.
ටෙලිග‍්‍රෑම් සමාජ මාධ්‍ය යේ නාලිකා 18 ක සහ කණ්ඩායම් 24 ක මෙම ක‍්‍රියාව සිදුවන අතර බී.බී.සී පුවත් සේවය මේ පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බව පවසයි.
මෙම කණ්ඩායම් සහ නාලිකා රුසියාවේ සිට බ‍්‍රසීලය දක්වාත් කෙන්යාවේ සිට මැලේසීයාව දක්වාත් දිව යන අතර පරිශීලකයන් ලක්ෂ 20 පසු කරන බව බී.බී.සී පුවත් සේවය වැඩි දුරටත් පවසයි.
විමුක්ති එස් රුද්‍රිගු
බී.බී.සී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd