
බ‍්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් 100 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රියෝ ඩි ජිනයිරෝ නගරයට උතුරු දෙසින් පිහිටි පෙට්‍රොපොලිස් හි සිදුවූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම ආපදා තත්ත්වයට මුහුණ දී ඇත.
කඳු බෑවුම් වල පිහිටි නිවෙස් නාය යාම නිසා සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර හදිසි ගංවතුර තත්ත්වය නිසා විදී වල තිබු මෝටර් රථ ගසාගෙන ගොස් ඇත.
බ‍්‍රසීලයේ ජාතික සිවිල් ආරක්ෂක බලකාය ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දැනට 94 දෙනෙක් මියගොස් ඇති බව තහවුරු කර ඇති අතර 24 දෙනෙක් සුන්බුන් වලට හිරවී සිටියදී බේරාගෙන ඇති බවයි.
”මේක හරියට යුද්ධයක් වගෙයි,ප‍්‍රදේශයේ මෝටර් රථ තැනින් තැන පෙරළිලා තවත් සමහරක් කණු වල එල්ලෙනවා තාම වතුර මඩ ගොහුරක් වෙලා” රියෝ ඩි ජිනයිරෝ නගරාධිපති ක්ලෝඩියෝ කැස්ත්‍රෝ මාධ්‍යවේදීන්ට පැවසුවේය.
විමුක්ති එස් රුද්‍රිගෝ
බී.බී.සී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd