
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස වසර 2050 වනවිට, සාගර ජල මට්ටම සෙන්ටි මීටර් 30 කින් (අඩියකින්) ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අඟවති.
සාගර ජල මට්ටම මෙසේ ඉහළ යෑමත් සමඟ ජල ගැලීම් හට ගනු ඇති බවත්, කුඩා දූපත් රැසකට එයින් බලපෑම් එල්ල වනු ඇති බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ඇමෙරිකන් විද්‍යාඥයන් සකස් කළ 'සාගර ජල මට්ටම ඉහළ යෑම පිළිබඳ තාක්ෂණික වාර්තාව' ඇමෙරිකන් රජයට ලබා දී තිබේ. ඒ ගැන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ අවධානයක් යොමු වී ඇති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වාර්තාව සකසා ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය සමඟ එක් වෙමිනි.
වසර ගණනක චන්ද්‍රිකා දත්ත පාදක කර ගනිමින්, විද්‍යාඥයන් ගණනය කිරීම් කර ඇති අතර, ගෝලීය උණුසුමේ බලපෑමෙන් සාගර ජල මට්ටම සෙන්ටි මීටර් 30 කින් ඉහළ යනු ඇතැයි එහිදී තහවුරු වී තිබේ. එය වළක්වා ගැනීමට කළ හැකි දෙයක් නොමැති බව ද පැවැසෙයි.
'ලැබී ඇති දත්ත අනුව පැහැදිලියි. මේක අවදානම් තත්ත්වයක්. දේශගුණික අර්බුදය තවත් උත්සන්න වෙනවා. ජනාධිපති ජෝ බයිඩන්ගේ අවධානය ඊට යොමු වී තිබෙනවා.' යැයි කාලගුණ විපර්යාස සම්බන්ධ ඇමෙරිකානු ජාතික උපදේශකවරිය ලෙස කටයුතු කරන ජීනා මැකාති මාධ්‍ය හමුවේ පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාගර ජල මට්ටම අඩියකින් ඉහළ යනවා