‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් එල්ල වූ බලපෑම් කෙමෙන් පහව යෑමට පටන්ගෙන ඇති බැවින්, ‘කොවිඩ් 19’ වයිරසය වෙනුවෙන් පැනැවූ තහංචි ලිහිල් කිරීමට ජර්මනිය තීරණය කළේය.
‘කොවිඩ් 19’ නිසා පැනැවූ තහංචි ලිහිල් කරන බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොලේස් පැවැසුවේ ජාතිය අමතමිනි. කෙසේ නමුත් තහංචි ලිහිල් කිරීමෙන් අදහස් වන්නේ කොරෝනා වසංගතයේ අවසන් වී ඇතැයි යන්න නොවන බව ද ජර්මන් චාන්සල්වරයා පවසා ඇත.
‘පසුගිය දෙවසර තිස්සේ අප කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්වුණා. හෙම්බත් වුණා. ඒත් දැන් ඔමික්‍රෝන් විකෘතිය සැර බාල වීමත් සමඟ කොවිඩ් 19 වසංගතයේ ද සැර බාලවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව, සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව පැනැවූ තහංචි ලිහිල් කරනවා.’ යැයි ජර්මන් චාන්සලර්වරයා පැහැදිලි කළේය.
ජර්මනියේ ද එන්නත්කරණ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතී. එරට වැසියන්ට බූස්ටර් එන්නත් ද ලැබී තිබේ.
එන්නත් ලබා ගැනීමට අදිමදි කරන හෝ ඇතැම් සෞඛ්‍ය හේතු නිසා එන්නත ලබා ගැනීමට නොහැකි ජර්මන් වැසියන්ට ලබන මාර්තු 4 වැනිදා සිට අවන්හලන් ආදී පොදු ස්ථානවලට යෑමේදී කොවිඩ් ආසාදිතයකු නොවන බව පෙන්වීමට ‘කොවිඩ් 19’ වෙගටිව් පරීක්ෂණ වාර්තා පෙන්වීම කළ යුතුය.
එන්නත් ලබා ගත් ජර්මන් වැසියන්ට, එන්නත් කාඩ්පත පෙන්වීමෙන් කිසිදු බාධාවකින් තොරව නිදහසේ ඕනෑම තැනකට යෑමට අවසර හිමිවෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජර්මනිය ‘කොවිඩ්’ තහංචි ලිහිල් කරයි