
ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ මංගල උත්සවයක් අතරතුර සහභාගී වීමට පැමිණි පුද්ගලයන් 13 දෙනෙකු ළිඳට වැටී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මංගල උත්සවයේ ”හල්දී” නම් ඉන්දියානු සාම්ප‍්‍රදායික චාරිත‍්‍රය සිදු කරන අවස්ථාවේ ළිඳේ බැම්මේ වාඩි වී සිටි මෙම පිරිස බැම්මට බර දරා ගත නොහැකි වීම හේතුවෙන් බැම්ම කඩාගෙන ළිඳට වැටී ඇත.
හල්දි උත්සවය යනු කසාදය සිදුකරන යුවලගේ සෞභාග්‍ය පතා බඳින යුවලගේ සිරුරේ කහ අලේප කිරීමයි. එම අවස්ථාවේ පැමිණ සිටි පිරිස දුවගෙන විත් ළිඳට වැටුණු පිරිස ගොඩට ගෙන රෝහලට ගෙන ගොස් ඇත.
රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ 11 දෙනෙක් මියගොස් සිට ඇති අතර දෙදෙනෙක් ප‍්‍රතිකාර අතරතුර මියගොස් සිට ඇත.
විමුක්ති එස් රුද්‍රිගු
බී.බී.සී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ මිනිස්සු... අං විතරයි මෙයාලට අඩු...