තායිවානයට පහර දෙන්න චීනයට අයිතියක් තියෙනවා
ඕනෑම අවස්ථාවක, තායිවානයට එරෙහිව හමුදාමය ක්රියාමාර්ගයක් ගැනීමට චීනයට අයිතියක් ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, එරට පාලක කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්රසය අමතමිනි. කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්රසය පැවැත්වෙන්නේ බෙයිජීං අගනුවර මහජන ශාලාවේය.