කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රිලවු ඩැහැගනිති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කළ රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල කිහිපයක් රැගෙන පලාගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 29 May 2020
මුම්බායි නුවර රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙයි දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවර පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (29) වාර්තා කළේය. 29 May 2020
‘හොංකොං’ නව ආරක්ෂක නීතිවලට චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය හොංකොං පරිපාලන ප්‍රදේශයට හඳුන්වා දුන් නව ආරක්ෂක නීතිරීතිවලට අද (28) චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 28 May 2020
‘හොංකොං’වලට තවදුරටත් විශේෂයෙන් සලකන්න බැහැ : ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ විශේෂ සැලකිලි ලැබීමට ‘හොංකොං’ තවදුරටත් සුදුසු නැතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය. 28 May 2020
ඉන්දියාවේ ප්‍රාන්ත පහකට පළඟැටියෝ කඩාවදිති පාකිස්තානයේත් නැගෙනහිර අප්‍රිකාවේත් වගාබිම් අක්කර ගණනක් විනාශ කළ කාන්තාර පළඟැටියන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත පහකට කඩා වැදී ඇත. 28 May 2020
දිල්ලි නුවර දැඩි උණුසුම් කාලගුණයක් ඉන්දියාවේ අගනුවර වන දිල්ලි ඇතුළු ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අධික ලෙස ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. 27 May 2020
සවුදි අරාබියේ අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් 06දෙනකු මරුට සවුදි අරාබියේ, යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 27 May 2020
ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (27) ප්‍රකාශ කළාය. 27 May 2020
ඇමෙරිකාවේ මරණ ලක්ෂයට ළඟා වෙද්දි ට්‍රම්ප් ගොල්ෆ් ගසයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන පළමු ලෝක යුද්ධයේදී යුද පිටියේ තුවාල ලබා මියගිය අය මෙන් දෙගුණයක් යැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 25 May 2020
කියුබාව රහසක් හෙළි කරයි කියුබාවේ කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් - 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියා සිටී. 25 May 2020
'ඇමරිකාව සීතල යුද්ධයකට අපව තල්ලු කරනවා' ඇමෙරිකා එක්සත් ජනපදය’’ චීනය සමඟ පවතින සබඳතා ‘‘නව සීත යුද්ධයකට’’ තල්ලු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවසීය. 24 May 2020
මෙක්සිකොවේ මිකොආකන් ප්‍රාන්තයේ ට්‍රක් රථයක සිරුරු 12ක් තිබී හමුවේ මෙක්සිකෝවේ බටහිර මිකොආකාන් ප්‍රාන්තයේ සෙන්ට් ලූකස් නගර සභා බල ප්‍රදේශයේ තිබී පුද්ගලයන් 12දෙනකුගේ සිරුරු හමුවී ඇතැයි වාර්තා වේ. 24 May 2020
තලේබාන් සංවිධානයෙන් දින 3 ක සටන් විරාමයක් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමඟ දින 3 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. 24 May 2020
අම්ෆන් සුළි කුණාටුවෙන් 102ක් මරුට ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ හා බංගලාදේශය හරහා හමා ගිය අම්ෆන් සුළි කුණාටුවෙන් රටවල් දෙකෙහි පුද්ලයන් 102 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 23 May 2020
පකිස්තානයේ ගුවන් අනතුරින් 97ක් මරුට පකිස්ථානයේ කරච්චි නුවර ඊයේ(22) සිදුවූ ගුවන් අනතුරින් 97 දෙනකු මියගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී ඇති බව සින්ද් පළාතේ සෞඛ්‍ය බලධාරීහු පවසති. 23 May 2020
13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසි වාරය බෙයිජිංහිදී 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැයිවාරය බෙයිජිංහි දී ආරම්භ වෙයි. 22 May 2020
බොලිවියානු සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට ඉහළ මිලක් ගෙවමින් ස්වසන සංවාතන යන්ත හෙවත් හුස්ම ගැනීම පහසු කරවන ‘වෙන්ටිලේටර්’ යන්ත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍ය මර්සෙලෝ නවාස් එම ධුරයෙන් නෙරපා දැමීමට බොලිවියානු නිලධාරීන් පියවර ගෙන ඇත. 21 May 2020
බ්‍රසීලයෙන් දිනකදී කොරෝනා රෝගීන් 17,000 ක් ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 20 May 2020
රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි රුසියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 300,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 20 May 2020
සිංගප්පූරුවේ විනිසුරුවරයෙක් ‘සූම්’ ඇමතුමකින් මරණ දඬුවම නියම කරයි මත්ද්‍රව්‍ය ගනුදෙනුවකට සම්බන්ධව වරදකරු වූ තැනැත්තකුට සිංගප්පූරු විනිසුරුවරයකු විසින් ‘සූම්’ විඩියෝ තාක්ෂණය ඔස්සේ කළ නඩු විභාගයකින් පසුව මරණ දඬුවම නියම කරනු ලැබ ඇත. 20 May 2020
ඉතාලියේ ආපනශාලා-බීමහල් විවෘත කරයි කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් වසා දැමුණු ආපනශාලා, තේපැන්හල්, බීමහල් විවෘත කිරීමට ඉතාලිය පියවර ගෙන ඇත. 18 May 2020
ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි චීනයේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස සේවය කළ ඩු වෙයි මහතාගේ මළසිරුර උතුරු ටෙල් අවිව් ප්‍රදේශයේ හෙර්ස්ලියාහි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී අද අලුයම සොයාගත් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය සහ පොලිසිය පවසයි. 17 May 2020
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 May 2020
ටැන්සානියාවෙන් පෞරණික මිනිස් පා සළකුණු රැසක් ටැන්සානියාවෙන් පෞරාණික මිනිස් පා සටහන් සමූහයක් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ. 15 May 2020
සිංගප්පූරුවේදී ‘කොවිඩ්-19’ නියෝග කැඩූ ඇමෙරිකානු ගුවන් නියමුවාට සති 4ක සිර දඬුවමක් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනයට පැනවූ නියෝග කඩ කළ ඇමෙරිකානු ගුවන් නියමුවකුට සිංගප්පූරුවේදී සති හතරක සිර දඬුවමක් නියම වී ඇත. 14 May 2020
කොරෝනා ලොවෙන් තුරන් වෙන්නේ නැහැ: ඒ සමඟ ජීවත් වෙන්න පුරුදු වෙන්න ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සඳහටම ලොවෙන් තුරන් නොවන බවත් ලෝකවාසීන් වයිරසය සමඟ ජීවත් වීමට හුරුපුරුදු විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 14 May 2020
ඇෆ්ගනිස්තාන හමුදා කඳවුරකට තලේබාන් ප්‍රහාරයක් සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කරන්නැයි ඇෆ්ගනිස්තාන රජය එරට හමුදාවලට ප්‍රකාශ කිරීමත් සමඟ ඇෆ්ගන් හමුදා කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව තලේබාන් සංවිධානය අද (14) ප්‍රකාශ කළේය. 14 May 2020
බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් තිදෙනක් පිටුවහල් කරති බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ ප්‍රධානියා සහ තවත් විශේෂඥයන් තිදෙනකු රටින් පිටුවහල් කිරීමට පියවර ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 14 May 2020
චීනයේ නගරයකට අගුළු දමයි කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේනගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු අද (13) පියවර ගත්හ. 13 May 2020
ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කරයි. 13 May 2020
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026