රටට ද්‍රෝහි වූ බවට චෝදනා කරමින් මියන්මාර හමුදා ජුන්ටාව එරට සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිත කියව් මෝ තුං එම ධුරයෙන් නෙරපීමට පියවර ගෙන ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ අවුන් සාන් සූකී නෙරපමින් මියන්මාර හමුදාව එරට රට බලය අත්පත් කරගත් අතර එය වෙනස් කිරීමට ‘‘ඕනෑම දෙයක් කරන්නැයි’’ ලොව රටවල් උනන්දු කිරීමට නියෝජිත කියව් මෝ තුං ඉකුත් දිනෙක පියවර ගත්තේ ය.
ඔහු එම ධුරයෙන් නෙරපීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එයයි.
රටට ද්‍රෝහී වූ නිසා හමුදා පාලනය හමුදා පාලනය කියව් මෝ තුං එම ධුරයෙන් නෙරපන බව මියන්මාරයේ රාජ්‍ය රූපවාහිනි නාලිකාව ඊයේ (27) වාර්තා කළේය.
අවසන් මොහොත තෙක් සටන් වදින ඉන් අනතුරුව රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් කියව් මෝ තුං ඊයේ (27) පැවැසීය.
මියන්මාර හමුදාව පෙබරවාරි මස (1) වැනිදා එරට බලය අත්පත් කරගත්තේ ය. ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය සමත් විය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මියන්මාර පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි මස (1) වැනිදා ය. පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් මියන්මාර හමුදා රෙජීමය රටේ බලය අත්පත් කරගත්තේ ය.
කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරයේ හමුදා ජුන්ටාව එරට නව පාලනය ලෙස පිළිනොගන්නා බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවැසීය. එසේම මේ සම්බන්ධයෙන් කිසිදු නිල දැනුම් දීමක් කර එක්සත් ජාතීන්ගේ සංවිධානයට කර නැතැයි ද එම ප්‍රකාශයා. එබැවින් කියව් මෝ තුං තවදුරටත් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා ලෙස කටයුතු කරන බව ද හෙතෙම කීය.
‘‘මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සම්බන්ධයෙන් අපට කිසිදු දැනුම් දීමක් කර නැහැ’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවැසීය.
මේ අතර කිසිදු සාමාජික රටක් මියන්මාරයේ හමුදා ජුන්ටාව පිළිගැනීම හෝ නිත්‍යනුකූල කිරීම හෝ නොකළ යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තනියෝ ගුටරෙස්ගේ මියන්මාරය වෙනුවෙන් පත් කර සිටින ක්‍රිස්ටිනා ෂාර්නා බෝගේනා පසුගිය සතියේ දී ප්‍රකාශ කළාය.
රොයිටර්
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මියන්මාර හමුදා ජුන්ටාව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නෙරපයි