IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


නයිජීරියාවේ තුවක්කුකරුවෝ පාසැල් සිසුවියන් 300 ක් පැහැර ගනිති

නයිජීරියාවේ වයඹ දිග සැම්ෆාරාහි දී පාසැල් සිසුවියන් 300ක් පමණ පැහැරගෙන ඇතැයි වාර්තා වේ.

පාසලේ ගුරුවරයෙකු බීබීසී සේවයට පවසා ඇත්තේ අද (26) උදෑසන තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු අවම වශයෙන් සිසුවියන් 300 ක් පමණ සොයා ගැනීමට නොමැති බවයි.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ද මෙම ප්‍රහාරය සනාථ කර ඇති නමුත් වැඩි විස්තර ලබා දී නොමැත.

ජන්ගෙබේ රජයේ බාලිකා ද්විතියික පාසලට මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. සමහර තුවක්කුකරුවන් රජයේ ආරක්ෂක හමුදා ලෙස සැරසී සිටි අතර ඔවුන් පාසැල් සිසුවියන් වාහන වලට බලහත්කාරයෙන් ඇතුළු කළ බව ඇසින් දුටුවෝ පවසති.

පහරදීම සිදුවන අවස්ථාවේ පාසලේ සිසුවියන් 421 දෙනකු සිටි බවත් පසුව ගනනය කර බලන විට සිටියේ 55 දෙනකු පමණක් බවත් ඒ අනුව 300 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවට විශ්වාස කරන බවත් ගුරුවරයෙකු පවසා ඇත.

සන්නද්ධ කණ්ඩායම් විසින් කප්පම් ලබාගැනීම සඳහා බොහෝවිට පාසැල් ළමුන් අත්අඩංගුවට ගන්නා අතර මෑත සතිවල මෙතරම් විශාල සංඛ්‍යාවක් පැහැරගත් ප්‍රථම අවස්ථව මෙයයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී මෙලෙසම පිරිමි පාසලකට කඩා වැදුනු තුවක්කුකරුවන් පිරිසක් විසින් සිසුන් 300ක් පමණ පැහැරගෙන ගිය අතර සාකච්ඡා වලින් පසුව නිදහස් කර තිබිණි.

(බීබීසී ඇසුරිණි)

085



අදහස් (0)

නයිජීරියාවේ තුවක්කුකරුවෝ පාසැල් සිසුවියන් 300 ක් පැහැර ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site