
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ෆෙනි ගංඟාව උඩින් ඉදි කළ පාලම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) විවෘත කෙරුණි.
මෙම ව්‍යාපෘතිය “මෛත්‍රී සේතු” යනුවෙන් නම් කර තිබේ. පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේ ය.
සම්බන්ධතා තුළින් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මිත්‍රත්වය ශක්තිමත් වනවා පමණක් නොව ව්‍යාපාර සඳහා ද ශක්තිමත් සම්බන්ධතාවක් ඇති වන බව මෙම අවස්ථාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා ද විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක්වූ අතර දේශපාලන දේශසීමා වෙළෙඳාමට තිබෙන භෞතික බාධාවක් නොවිය යුතු බව ෂීක් හසීනා ප්‍රකාශ කළාය.
විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම උත්සවයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ත්‍රිපුර ක්‍රියාත්මක කිරීමට නියමිත යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයකට ද මුල් ගල් තැබීය.
බංග්ලාදේශය සහ ඊසාන දිග ඉන්දියාව අතර තිබෙන සම්පූර්ණ කලාපයම වෙළෙඳ කොරිඩෝවක් ලෙස සංවර්ධනය කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදි කීය.
මෑතකදී හඳුනාගත් දුම්රිය සහ ජල සම්බන්ධතා ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කරන බවත් මෙම පාලම මගින් එම ව්‍යාපෘති ශක්තිමත් වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ෆෙනී ගංඟාව උඩින් ඉදි කරන ලද මෙම පාලම ත්‍රිපුර ප්‍රාන්තයේ ඉන්දීය දේශ සීමාවේ සිට බංග්ලාදේශයට ගමන් කරයි. කිලෝමීටර 1.9 ක් දිග මෙම පාලම ඉන්දියාවේ සබ්රූම් සහ බංග්ලාදේශයේ රාම්ගාර් නගර සම්බන්ධ කරයි.
ඉන්දියාවේ ජාතික මහාමාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මූලිකත්වයෙන් ඉදි කෙරුණු අතර මේ සඳහා වැය වී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 133 කි.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස 26 සහ 27 දෙදින බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට ද නියමිත ය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
055
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාව- බංග්ලාදේශය අතර ’’මෛත්‍රී-සේතු’’ පාලම විවෘත කෙරේ