IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


නාසා යැවූ යානය අඟහරු මතට

නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවර් යානය අද (19) අලුයම අඟහරු මතට සාර්ථක ලෙස පතිත කර තිබේ.

අඟහරුගේ සමකයට ආසන්න ජෙසෙරෝ නමින් හඳුන්වන ගැඹුරු ආවාටයකට එම යානය ගොඩ බැස්වූ බව ඇමරිකානු බලධාරීහු පවසති.

යානය 2020 වසරේ ජූලි 30 වනදා අඟහරු බලා ගමන් ඇරඹීය. රෝද 6කින් සමන්විත මෙම රෝවරය ඉදිරි වසර 6ක කාලය තුළ අඟහරු පෘෂ්ඨය මත කැණීම් සිදුකරමින් තොරතුරු ලබාදීමට නියමිත බව ද ඔවුහු පවසති. අඟහරු මත ජීවය පැවතියාද යන්නට සාක්ෂි සොයාගැනීමද මෙහෙයුමේ ප්‍රධාන අරමුණකි.

එම යානය අති නවීන ගවේෂණ උපකරණවලින් සමන්විත වන අතර කැමරා 20ක් මයික්‍රෆෝන දෙකක් හා ඩ්රෝන යානයක් සහිතය.

රෝවරය ගොඩබැස්වූ ජෙසෙරෝ ආවාටය අතීතයේ විලක් ලෙස පැවති ප්‍රදේශයක් බවට අනුමාන කරන ස්ථානයකි. පෘථිවියෙන් එපිට ග්‍රහලොවකදී පළමු වරට හෙලිකොප්ටරයක් පියාසර කරවීම, අඟහරු මත පළමු වරට ශබ්ද පටිගත කිරීම මෙම මෙහෙයුමේ විශේෂ ක්‍රියාකාරකම් අතර වෙයි.

ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් අඟහරු වෙත ගොඩබස්වන ලද දෙවන රෝවරය මෙයයි.

පළමුවැන්න වන කියුරියෝසිටි රෝවරය 2012 වසරේදී අඟහරුගේ වෙනත් ආවාටයකට පතිත කරවන ලදී.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (5)

නාසා යැවූ යානය අඟහරු මතට

Azox Friday, 19 February 2021 11:18 AM

අපිට මොකද?

:       18       3

Nuwan Saturday, 20 February 2021 06:47 AM

මෙම ව්‍යාපෘතියට ජයෙන් ජය පතමි. මේවා තමයි අනාගත ලෝකයේ මිනිස් වර්ගයාගේ ගැලවීම සඳහා මග පාදන්නේ... අපි වැනි දුප්පත් රටවලින් මෙවැනි මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා ගන්න කිසිඳු පියවරකට සහයෝගයක් දක්වන්නේ නැත.

:       0       6

Nihal Saturday, 20 February 2021 02:10 PM

අපිත් එකක් යැව්වේ?

:       0       0

siri Saturday, 20 February 2021 12:44 PM

අපේ රටේ ඉන්න එකම රොකට් විද්‍යාඥයා යවපු යානාව මේ දවස්වල කොහෙද දන්නේ නෑ කැරකෙන්නේ නේද අබිලිං? සමහරවිට එයාගෙම මුදල් පසුම්බිය වටේට වෙන්න ඇති...

:       0       0

lasitha Friday, 13 August 2021 01:13 PM

සුපිරී සුපිරී ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site