IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ප්‍රංශයේ නයිස් නගරය සති අන්තයේ අගුලු දමයි

 

කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් ප්‍රංශයේ දකුණු දිග නයිස් නගරය සති අන්තයේ අගුලු දමා ඇති අතර සංචාරකයින්ට නගරයෙන් ඉවත් වන ලෙස නගරාධිපතිවරයා ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ප්‍රංශයේ වැඩිම කොරෝනා වයිරස රෝගීන් අනුපාතය වාර්තා වන්නේ නයිස් නගරයෙනි.

නගරයේ පදිංචිකරුවන් 100,000 ක් පමණ වෙසෙන අතර සතියකට රෝගීන් 740 ක් පමණ වාර්තා වන බව පැවසේ.

ප්‍රංශය පුරා සවස 6.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නමුත් නයිස් නගරාධිපති ක්‍රිස්ටියන් එස්ට්‍රෝසි පවසන්නේ රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මීට වඩා දැඩි අගුලු දැමීමක් හෝ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමක් අවශ්‍ය බවයි.

පසුගිය නත්තල් සමයේ විශාල වශයෙන් සංචාරකයින් නගරයට පැමිණීම හේතුවෙන් ආසාදන අනුපාතය ඉහල ගිය බව එස්ට්‍රෝසි පැවසීය.

"මෙම සටන ජයගත් පසු එළඹෙන ගිම්හානයේදී සංචාරකයන් විශාල වශයෙන් බලාපොරොත්තු වෙමු. නමුත් දැන් එන්න එපා. මෙය නයිස් නගරයේ සංචාරයට සුදුසු කාලයක් නොවේ," යැයි නගරාධිපතිවරයා පැවසීය.

නගරයේ වයිරස මර්ධන ක්‍රියාමාර්ග දැඩි කිරීම සම්බන්දයෙන් රජය මේ සති අන්තයේ තීරණයක් ගනු ඇතැයි සෞඛය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.

කෙසෙුවුවද රටපුරා බලපැවැත්වෙන ඇඳිරි නීතිය ලිහිල් කිරීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි)

085



අදහස් (0)

ප්‍රංශයේ නයිස් නගරය සති අන්තයේ අගුලු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site