IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඉම්රාන් ඛාන්ගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

සෙනට් මණ්ඩලයේදී ලැබූ පරාජයත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසය දිනාගැනීම එරට පාර්ලිමේන්තුවට ඊයේ (6) යෝජනාවක් ඉදිරිපත් කළේය.

තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීම තහවුරු කරගැනීමට මෙම ක්‍රියාමාර්ගය ඉතා වැදගත් වන ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙලෙස එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය බලාපොරොත්තු වීම සංකේතාත්මක යැයිද එම වාර්තාවල දැක්විණි.

පාකිස්තාන පාර්ලිමේන්තුවේ සෙනට් මණ්ඩලයේදී පසුගිය සතියේදී රහස් ඡන්දයක් පැවැත්විණි. ඉස්ලාමාබාද් ආසනය වෙනුවෙන් පොදු විපක්ෂයෙන් යූසුෆ් රාසා ගිලානි ඉදිරිපත් වී තිබිණි. ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන් 'තරීක් ඊ ඉන්සාෆ්' (පී.ටී.අයි.) පක්ෂය නියෝජනය කරමින් අබ්දුල් හෆීස් ෂීක් ඉදිරිපත් වී තිබිණි.

ගිලානිට ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ඇතැම් අය ද ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ගිලානිගේ ජයග්‍රහණය ඉම්රාන් ඛාන්ට එල්ල වූ පහරක් යැයි දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබූ අතර ඡන්ද විමසීම අවසන් වූ වහාම නායකයන්ගේ රැස්වීමක් කැඳවීමට ද ඉම්රාන් ඛාන් පියවර ගෙන තිබිණි.

ඉම්රාන් ඛාන් ලැබූ පරාජය හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලයේ බලය ඔහුට අහිමි වී ඇතැයි ද විපක්ෂය චෝදනා කළේය.

පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් පසු ඉම්රාන් ඛාන් රට වැසියන් ඇමතූ අතර තමන් අකාර්යක්ෂම යැයි සිතනවා නම්, ආණ්ඩුවේ එසේ සිතන අයට විපක්ෂයට යා හැකි යැයි ද ඉම්රාන් ඛාන් පැවැසීය.

රොයිටර්ස්/ඒ.එෆ්.පී.

055 



අදහස් (0)

ඉම්රාන් ඛාන්ගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site