බංගලාදේශ වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක අනතුරට පත්වී සිටින රෝහින්ග්‍යා වැසියන් පිරිසක් බේරා ගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ඉල්ලා සිටීයි.
ඔවුන් සිටින බෝට්ටුව දින 10ක පමණ කාලයක් තිස්සේ අන්දමන් සහ නිකොබාර් දූපත් අසල සිරවී ඇතැයි විශ්වාස කෙරේ.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "ජීවිත බේරා ගැනීමට සහ ඛේදවාචකයක් ඇතිවීම වැළැක්වීමට ක්ෂණික ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි, ඔවුන් මුදවාගැනීම කටයුතු කරන ලෙස අප සියලු රජයන්ගෙන් ඉල්ලා සිටිමු." යනුවෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ යාත්‍රාවේ ජලය සහ ආහාර අවසන් වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
යාත්‍රාවේ සිටි පුද්ගලයනන් අට දෙනකු පමණ මියගොස් ඇතැයි මානව හිමිකම් කණ්ඩායමක් වන අරකන් සංවිධානය පවසයි. නෞකාවේ කාන්තාවන් 65 දෙනකු ද පිරිමි 90 දෙනකු ද සිටින බව ද ඔවුහු පවසති.
"ඔවුන්ගේ ආහාර සහ ජලය අවසන් වි ඇත. එබැවින් ඔවුන් මුහුදු ජලය පානය කරයි." යනුවෙන් එම සංවිධානය පවසයි.කෙසේවුවද ඉන්දියානු නාවුක හමුදාව හා වෙරළාරක්ෂක බලකාය පවසන්නේ ඔවුන්ට ආහාර හා ජලය ලබාදුන් බවයි.
රෝහින්ග්‍යා වැසියන් 740,000කට වැඩි පිරිසක් මියන්මාරයේ සිට අසල්වැසි බංගලාදේශයට පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන් බහුතරයක් සරණාගත කඳවුරු වල ජීවත් වෙති.
එක්සත් ජාතීන්ගේ වාර්තා පවසන්නේ රෝහිනග්‍යා වැසියන් 200 කට වැඩි පිරිසක් පසුගිය වසරේදී මුහුදේදි මියගොස් හෝ අතුරුදන්ව ඇතැයි විශ්වාස කරන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රෝහිනග්‍යා වැසියන් බේරා ගන්නා ලෙස එ.ජා. සංවිධානය ඉල්ලයි
anula Thursday, 25 February 2021 05:57 AM
අරාබිකරයේ කොච්චර ඉඩ තියෙනවද? ඒ රටවල් මුදල් අතිනුත් පොහොසත්.. ඇයි ඒ අය මේ මුස්ලිම් වැසියන් බාර නොගන්නේ?