IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඇමරිකානුවෙකු ඝාතනයට සටන්කාමීන් 5කට මරණ දඬුවම

ඇමරිකානු බ්ලොග්කරුවකු වූ අවිජිත් රෝයි ඝාතනය කිරීමට වරදකරුවන් වූ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක සාමාජිකයින් 5කට බංගලාදේශ අධිකරණය අද (16) මරණ දඬුවම නියම කර තිබේ.

ආගමික අන්තවාදය විවේචනය කිරීම හේතුවෙන් 2015 වසරේ පෙබරවාරි මාසයේදී අවිජිත් ඝාතනයට ලක්විය.
අවිජිත් බංගලාදේශ සම්භවයක් සහිත ඇමරිකානු පුරවැසියෙකි.

"ඔවුන්ට එරෙහිව චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු වුණා. උසාවිය ඔවුන්ට ඉහළ ම දඬුවම ලබා දුන්නා" යනුවෙන් නඩු විභාගයෙන් පසු රජයේ නීතීඥ ගෝලාම් සර්වර් ඛාන් මහතා පැවසීය.

ඩකා නගරයේ පිහිටි විශේෂ ත්‍රස්ත විරෝධී අධිකරණයේ නඩු විභාගය පැවැත්වුණු අතර ඒ සඳහා දැඩි ආරක්ෂාවක් සලසා තිබිණ. ඝාතනයට සම්බන්ද වූ තවත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.

වරදකරුවන් වූ අය අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමී කණ්ඩායමක් බව පොලිසිය පවසයි.

බංගලාදේශයේ බ්ලොග්කරුවන් හා ක්‍රියාකාරීන් 12දෙනකු  පමණ ඝාතනය කිරීම පිටුපස මෙම කණ්ඩායම සිටින බව ද පොලිසිය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමරිකානුවෙකු ඝාතනයට සටන්කාමීන් 5කට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site