
මියන්මාරයේ අද (08) දිනයේ පැවති විරෝධතා අතර තුර පෙළපාලිකරුවන් තිදෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ.
හිසට වැදුණු වෙඩි උණ්ඩ හේතුවෙන් උතුරු දිග මිට්කයිනා නගරයේදී දෙදෙනකු ඝාතනය වී ඇති බව සාක්ෂිකරුවෝ පවසති. පොලිසිය සහ ආරක්ෂක අංශ එම ස්ථානයේ සිටියද වෙඩි තැබීම සිදුකර ඇත්තේ කවුරුන් විසින් ද යන්න පැහැදිලි නැතැයි සඳහන් වේ.
පෙළපාලිකරුවන් විසිරුවා හැරීම සඳහා පොළිසිය කඳළු ගෑස් සහ දුම් බොම්බ යොදාගත් බවද අසල පිහිටි ගොඩනැගිලි වල සිට එල්ලවූ වෙඩි ප්‍රහාර වලින් බොහෝ දෙනකුට තුවාල සිදුවූ බවද බලා සිටින්නන් පවසා ඇත.
ඉරවඩ්ඩි ඩෙල්ටාවේ පයාර් පොන් නගරයේ විරෝධතා අතරතුර එක් පුද්ගලයෙකු ඝාතනය වී දෙදෙනකු තුවාල ලබා ඇත.
මියන්මාර ආරක්ෂක අංශ හෝ පොලිසිය මෙම ඝාතන සම්බන්දව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
පසුගිය පෙබරවාරි 01 වනදා මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජනතාව වීථි බැස විරෝධතාවයේ යෙදෙති. මාසයට වැඩි කාලයක් තිස්තේ පැවති විරෝධතා වලින් මේ වනවිට 50 දෙනකුට වැඩි පිරිසක් ඝාතනය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි)
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd