IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඉන්දියාවට ඇමෙරිකාවෙන් පැසසුම්


ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයේ ආර්ථික සහ දේශපාලන කටයුතු යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය සතුට පළ කර ඇත.

ඉන්දීය පාලනයේ තිබෙන ජම්මු සහ කාශ්මීරයේ ආර්ථික සහ දේශපාලන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අගනාකම්වලට අනුව ඒවා පවත්වාගෙන යෑමටත් පියවර ගැනීම ඇගයිය යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවැසීය.

‘‘ජම්මු හා කාශ්මීරයේ ආර්ථික සහ දේශපාලන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ඉන්දීය රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප සතුටට පත්වෙනවා. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී අගනාකම් සමඟ අඛණ්ඩව ගමන් කරමින් ජම්මු හා කාශ්මීරයේ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම අගය කළ යුතු යි. ජම්මු හා කාශ්මීරයේ සිදුවීම් දෙස අපි සමීපව බලා සිටිනවා’’ යැයි හෙතෙම කීය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ඉන්දු-ඇමෙරිකානු සබඳතා සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් දැක්වීය.
ඉන්දියාව සමඟ අපට පුළුල් ගෝලීය උපායමාර්ගික හවුල්කාරීත්වයක් තිබෙනවා යැයි හෙතෙම එහිදි කීය.

‘‘පාකිස්තානයත් අපට වැදගත්. අප සියලු දෙනාට පොදුවේ බෙදාහදාගත් අභිලාෂ තිබෙනවා. ඒ නිසා මේ කරුණුවලදී අපි පාකිස්තානය සමඟ ද සමීපව වැඩ කරනවා’’ යැයි ඔහු කීය.

ජම්මු හා කාශ්මීරයේ ජංගම දුරකතන සහ අන්තර්ජාල සම්බන්ධතා ඇණ හිට තිබූ අතර පෙබරවාරි මාසයේ දී ඒවා යථා තත්ත්වයට පත්විය.

 

එන්.ඩී.ටීවී./රොයිටර්
055



අදහස් (0)

ඉන්දියාවට ඇමෙරිකාවෙන් පැසසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site