ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින් විසින් වසර 5,000 ක් පමණ පැරණි බියර් කම්හලක් සොයාගෙන ඇති අතර එය ලොව පැරණිතම මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරය වියහැකි බව ඔවුහු පවසති.
අබිඩෝස් කාන්තාර ප්‍රදේශයේ ඉපැරණි සුසාන භූමියක සිදුකළ පුරා විද්‍යා කැණීමකදී මෙම කම්හල සොයාගෙන තිබේ.
ඊජිප්තු සහ ඇමරිකානු ඒකාබද්ධ කණ්ඩායමක් විසින් මෙම ගවේෂණය සිදුකර ඇත.
ධාන්‍ය සහ ජලය මිශ්‍රණයක් රත් කිරීමට භාවිතා කරන ලද භාජන 40 ක් පමණ අඩංගු ඒකක ගනනාවක් ඔවුන් විසින් සොයාගෙන තිබේ.
මෙහි මහා පරිමානයෙන් බියර් නිපදවන ලදැයි විශ්වාස කරන අතර වරකට ලීටර් 22,400 ක් පමන නිපදවන්නට ඇතැයි ගනනය කර තිබේ. ඊජිප්තු රජවරුන්ගේ රාජකිය චාරිත්‍ර වාරිත්‍ර සඳහා සහ පූජා සඳහා මෙම බීර යොදාගත් බවට සාක්ෂි හමුවී ඇත.
අබිඩෝස්, පුරණ ඊජිප්තුවේ පැරණිතම නගර වලින් එකක් වන අතර එහි විශාල සුසාන භූමි හා පන්සල් ද ඇත.
පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙම මත්පැන් නිශ්පාදනාගාරය නර්මර් රජුගේ යුගය දක්වා දිවයන බවයි.
නර්මර් රජු මීට වසර 5,000කට පමණ පෙර ඊජිප්තුව පාලනය කළේය. ඔහු රාජ වංශයේ ආරම්භකයා ලෙස සැලකෙන අතර ඊජ්තුව එක්සත් කල බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි)
085
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වසර 5,000 ක් පමණ පැරණි බියර් කම්හලක් ඊජිප්තුවෙන් සොයාගනී
vidya Tuesday, 16 February 2021 02:33 AM
බියර් බොන්නේ නැතිව කොහොමද ඔච්චර බර ගල් උස්සගෙන ගිහින් පිරමීඩ හැදුවේ...?
kamalTuesday, 16 February 2021 07:31 AM
නැතුව , නැතුව බියර් බීලා තමයි.
senaTuesday, 16 February 2021 09:00 AM
එහෙනම් අපේ කට්ටිය ඊටත් වැඩියෙන් සැර දේවල් බීලා කොච්චර ලොකු ගල් පෙරළන්න ඕනේද?
සරත් පර්ත් Wednesday, 17 February 2021 01:31 AM
බීලා තමයි ගල් පැලෙන බොරු කියන්නේ..