IMG-LOGO

අවුන් සාන් සූකීට තවත් චෝදනාවක්

මියන්මාරයේ හමුදා රෙජීමය බලයෙන් පහ කෙරුණු එරට නායික අවුන් සාන් සූකී මහත්මියට තවත් චෝදනාවක් එල්ල කර ඇතැයි ඇයගේ නීතිඥවරයා වන කින් මවුන්ග් සෝ මහතා අද (16) පැවැසීය.

මියන්මාරයේ ස්වභාවික ආපදා කළමනාකරණ නීතිය යටතේ ඇයට මෙලෙස චෝදනා එල්ල කර ඇති අතර එය ඇයට එල්ල වූ දෙවැනි චෝදනාව වේ.

ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකී මේ සතියේදී අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ඇයගේ නීතිඥවරයා සෝ ඊයේ පැවැසීය.

ඉකුත් 1 වැනිදා මියන්මාර හමුදාව එරට බලය අල්ලා ගත් අතර අවුන් සාන් සූකී මහත්මිය ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගත්තේ ය.අමියන්මාරයේ හමුදාව අවුන් සාන් සූකීට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන අතර එම චෝදනා විභාගයට ගැනීම සඳහා මෙලෙස ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අවුන් සාන් සූකී විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ වනු ඇතැයි ද ඇයගේ නීතිඥවරයා කීය.

ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ය. කෙසේ නමුත් මැතිවරණයේදී වංචා සිදු වූ ඇතැයි මියන්මාර හමුදා පාලනය දිගින් දිගටම චෝදනා කළේය. මහ මැතිවරණයෙන් පසු පළමු වරට මියන්මාර පාර්ලිමේන්තුව ඉකුත් 1 වැනිදා රැස්වීමට නියමිතව තිබිණි. පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී මියන්මාර හමුදා ජුන්ටාව එරට බලය අත්පත් කරගත්තේ ය.

මියන්මාර හමුදාවේ අත්ඩංගුවට පත්ව සිටින නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී මේ වනවිට 75 වැනි වියේ පසුවෙයි.

ඇයගේ එල්ල වූ පළමු චෝදනාව වන්නේ, ඇගේ නිවසේ තිබී ‘වෝකී-ටෝකී’ ඇතුළු සන්නිවේදන උපකරණ හමු වූ බවත් ඒවා ට කිසිදු නෛතික අවසරයක් නැති බවත් නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ ආනයනය කළ බවත්ය.

මියන්මාරයේ ජනාධිපති වින් මින්ත් මහතා ද අවුන් සාන් සූකී මෙන් හමුදා අත්අඩංගුවට පත්ව සිටියි. නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා කඩ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. ජනාධිපති වින් මින්ත් ගේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට සිය ගණනක් සම්බන්ධ වූහ.

ඔවුන් දෙදෙනාගෙන් අද සහ හෙට යන දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිත බව ද අවුන් සාන් සූකීගේ නීතිඥවරයා පැවැසීය. අවුන් සාන් සූකීගේ සහ මියන්මාර ජනාධිපතිවරයාගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ කරනු ඇතැයි ද හෙතෙම කීය.

- ඒ.එෆ්.පී. -

(055)



අදහස් (1)

අවුන් සාන් සූකීට තවත් චෝදනාවක්

බද්රානි Wednesday, 17 February 2021 02:52 PM

ලොවම රැවටුවා. රෝහීන්ගයා මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමට අනුබල දුන් ඇයට දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ලංකාවට බොහෝසෙයින් සමාන චර්යාවන් ඇති මියන්මාර ජනතාවටත් කිසිදාක සැනසීමක් නැහැ. මිලේච්ඡ සාහසිකයෝ...

:       112       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 86 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 486 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site