
සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂුහි සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් 20 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ අනතුරින් තුවාල වූ 30 දෙනකු පමණ රෝහල් ගතකළ බවයි.
මරාගෙන මැරෙන ප්‍රහාරට රැගෙනආ ත්‍රී රෝද රථය පුපුරන ද්‍රව්‍ය වලින් පුරවා තිබී ඇතැයි මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
මොගඩිසු නගරයේ වරාය අසල අවන්හලකින් පිටත මෙම ප්‍රහාරය සිදුවී තිබේ.
පිපිරීම සිදුවූ ස්ථානයේ තිබූ එක් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.
ප්‍රබල පිපිරීමක් හේතුවෙන් දැවැන්ත හානියක් සිදුව ඇති බව ආරක්ෂක අංශ පවසයි. පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු දැඩි කර ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
අල්කයිඩා සංවිධානයට සම්බන්ද අල් ෂබාබ් කණ්ඩායම විසින් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.
(ඩේලි මේල් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් මේ වගේ දින වසර පුරා තිබ්බ කාලයක් තිබුන. හොඳේ... !!