සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂුහි සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් 20 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ අනතුරින් තුවාල වූ 30 දෙනකු පමණ රෝහල් ගතකළ බවයි.
මරාගෙන මැරෙන ප්‍රහාරට රැගෙනආ ත්‍රී රෝද රථය පුපුරන ද්‍රව්‍ය වලින් පුරවා තිබී ඇතැයි මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
මොගඩිසු නගරයේ වරාය අසල අවන්හලකින් පිටත මෙම ප්‍රහාරය සිදුවී තිබේ.
පිපිරීම සිදුවූ ස්ථානයේ තිබූ එක් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.
ප්‍රබල පිපිරීමක් හේතුවෙන් දැවැන්ත හානියක් සිදුව ඇති බව ආරක්ෂක අංශ පවසයි. පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු දැඩි කර ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
අල්කයිඩා සංවිධානයට සම්බන්ද අල් ෂබාබ් කණ්ඩායම විසින් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.
(ඩේලි මේල් ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
SL Sunday, 07 March 2021 01:55 AM
අපේ රටෙත් මේ වගේ දින වසර පුරා තිබ්බ කාලයක් තිබුන. හොඳේ... !!